
‘යක්ෂ රාජ වජ්රපානි’ කවිය ලිවුවේ 'මං ලිවුවා' කියූ හිමියන් නොවෙයි..
FM Heart · 2 min read
මාධ්යවේදී චමුදිත සමරවික්රම මහතාගේ යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය. එම නිර්මාණය තම නිර්මාණයක් බව පවසමින් ස්වාමීන් වහන්සේ නමක් සහ සංගීත නිෂ්පාදක ඉරාජ් වීරරත්න එය සිය ග්රහණයට ගෙන දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළ ඒ මහතා, ඒ සඳහා වන ලිඛිත සාක්ෂි හා හඬපට තමන් සතුව පවතින බවද ප්රකාශ කළේය. ජාමුනි කම්මුනි තුෂාර මහතා සඳහන් කළ අන්දමට, පසුගිය ඔක්තෝබර් මස 8 සහ 9 යන දිනවලදී විදෙස්ගත මහාචාර්යවරයා විසින් මෙම මුල් පද රචනය සහ තනුව ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමකට, දේශපාලනඥයන්ට මෙන්ම සමාජ ක්රියාකාරිකයන්ටද විද්යුත් මාර්ගයෙන් යොමුකර තිබේ. තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙත එම පදමාලාව ලැබී තිබූ බවත්, ඒ පිළිබඳ සියලු Screenshots සහ ඩිජිටල් සාක්ෂි තහවුරු කළ හැකි බවත් හෙතෙම පෙන්වා දුන්නේය. එමෙන්ම අදාළ නිර්මාණයේ මුල් රචකයා බව කියන විදෙස්ගත මහාචාර්යවරයාගේ හඬපටයක්ද එහිදී ප්රචාරය කෙරුණු අතර, එහිදී ඔහු ප්රකාශ කර ඇත්තේ: “මේ ගීතය ලියන්න ප්රස්තුත වෙන්නේ කිසිදු පාර්ශ්වයක් හෝ පටු දේශපාලනයක් නෙමෙයි. රට වෙනුවෙන් කළ සාධාරණ මැදිහත්වීමක් ලෙසයි මෙය නිර්මාණය කළේ. මෙහි අරමුණ පොදු මාතෘකාවක් විය යුතු නිසයි මා නිහඬව සිටියේ. නමුත් ඇතැම් පාර්ශ්ව මෙය දේශපාලනීකරණය කරමින් තමන්ගේ වාසියට හරවා ගැනීමට දැරූ උත්සාහය ඉතා වැරදියි.” මෙම නිර්මාණය අතට ගෙන දේශපාලන වාසි තකා භාවිත කිරීමත් සමඟ, ජනතාව අතර ස්වභාවිකව පැතිර යමින් තිබූ එහි සමාජ බලපෑම හා ජනප්රියත්වය හීන වී ගිය බවටද ජාමුනි කම්මුනි තුෂාර මහතා වැඩිදුරටත් චෝදනා කළේය. රට පාලනය කරන බලධාරීන් හා දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් සාම්ප්රදායික වස් කවි ආරක් මුසු කොට නිර්මාණය කෙරුණු ‘යක්ෂ රාජ වජිරපාණී මහ දෙවිඳේ අසපන්...’ යන ගීතය පසුගිය දිනවල සමාජ මාධ්ය ඔස්සේ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. අනතුරුව භික්ෂූන් වහන්සේ නමක් මාධ්ය හමුවට පැමිණ තමන් මෙම නිර්මාණය සිදුකළ බවට ප්රකාශ කළ අතර, එහි දෘශ්ය රූප රචනයක් සිදුකර ප්රචාරය කිරීමත් සමඟ මෙහි හිමිකාරිත්වය සහ දේශපාලන පසුබිම පිළිබඳව සමාජය තුළ වාදවිවාද නිර්මාණය විය.

