
සංගක්කාරට අයර්ලන්තයේදී කරදරයක්.. ගුවන් සේවයකින් පවුලටම තර්ජන...
FM Heart · 4 min read
අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ගුවන්තොටුපොළේදී Ryanair ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය තමන්ට සහ තම පවුලේ සාමාජිකයන්ට වෙනස්කම් කරමින්, තර්ජනාත්මක හා නොමනා අයුරින් සැලකූ බවට ශ්රී ලංකා හිටපු ක්රිකට් නායක කුමාර් සංගක්කාර චෝදනාවක් එල්ල කරයි. සිය නිල ‘X’ ගිණුම ඔස්සේ සටහනක් තබමින් සංගක්කාර මේ පිළිබඳව විවෘතව ප්රශ්න කර ඇති අතර, එම සිදුවීම අතිශය කම්පන සහගත අත්දැකීමක් වූ බවද ඔහු ප්රකාශ කර තිබේ. “ඩබ්ලින්හිදී Ryanair ගුවන් සේවයේ ගේට්ටු කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම්වලට ලක්වූ කිසිවෙකු හෝ සිටිනවාද? මගේ පවුලේ සාමාජිකයන් සමඟ මට සුළු මොහොතකට පෙර එවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදු වූ අතර එය අතිශයින්ම කම්පන සහගතයි. ඔවුන් අප ඇමතූ ස්වරූපය, ගුවන් ගමන් ක්රියා පටිපාටිය හැසිරවූ අක්රමවත් ආකාරය සහ ඔවුන්ගේ තර්ජනාත්මක හැසිරීම කිසිදු ගුවන් මගියෙකුට පිළිගත නොහැකි මට්ටමේ එකක්. මෙය ඩබ්ලින් නුවරදී මා ලැබූ පළමු අයහපත් අත්දැකීමයි” ක්රිකට් පිටිය තුළ මෙන්ම පිටියෙන් බැහැරවද සංයමයෙන් හා විනයගරුක භාවයෙන් කටයුතු කරන ක්රීඩකයෙකු ලෙස ගෝලීය ගෞරවයට පාත්රව සිටින කුමාර් සංගක්කාර එල්ල කළ මෙම චෝදනාවත් සමඟ ජාත්යන්තර මාධ්ය හා සමාජ මාධ්ය ජාලා තුළ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. මෙම සිදුවීමට ප්රතිචාර දක්වමින් ප්රකට බ්රිතාන්ය මාධ්යවේදී පියර්ස් මෝගන් පවසා ඇත්තේ, කුමාර් සංගක්කාර යනු තමන් හමුවූ වඩාත්ම ගෞරවනීය මහත්වරුන්ගෙන් අයෙකු බවත්, ඔහු මෙවැනි ප්රකාශයක් කළේ නම් එම කාර්ය මණ්ඩලයේ හැසිරීම සැබවින්ම ලැජ්ජා සහගත එකක් විය යුතු බවත්ය. මේ පිළිබඳව අදාළ ගුවන් සමාගම කඩිනම් පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට්, එක්දින හා විස්සයි-20 තරග සිය ගණනක් නියෝජනය කරමින් කණ්ඩායම මෙහෙයවූ කුමාර් සංගක්කාර, ලොව කීර්තිමත්ම ක්රිකට් සමාජය වන එංගලන්තයේ මෙරිල්බෝන් ක්රිකට් සමාජයේ (MCC) සභාපති ධුරයට පත් වූ පළමු බ්රිතාන්ය නොවන නායකයාද වේ. වර්තමානයේ ඉන්දීය ප්රිමියර් ලීග් (IPL) තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස මෙන්ම ජාත්යන්තර ක්රිකට් විස්තර විචාරකයෙකු ලෙසද හෙතෙම කටයුතු කරයි. මේ සම්බන්ධයෙන් රයන්එයාර් ගුවන් සේවය ප්රකාශ කර ඇත්තේ අනිවාර්ය ආගමන විගමන පරීක්ෂාවන් අතරතුර නියෝජිතයෙකු ඉල්ලා සිටි අවශ්ය වීසා ලියකියවිලි ලබා දීම ප්රතික්ෂේප කිරීම මත මෙම තත්වය ඇති වූ බවය. පසුව එම පරීක්ෂාවන් සම්පූර්ණ කර ගැටළුව සමනය වූ බවත් සමාගම පවසා ඇත. Former Sri Lanka Cricket Captain Kumar Sangakkara Alleges Mistreatment by Ryanair Staff in Dublin Kumar Sangakkara, the former Sri Lankan cricket captain, has brought forth serious allegations against Ryanair staff at Dublin Airport, claiming he and his family were subjected to questionable and threatening behavior. The renowned cricketer took to his official 'X' account, expressing concern about the incident, which he described as deeply unsettling. In his post, Sangakkara questioned whether any other passengers had experienced similar mistreatment from the Ryanair gate staff in Dublin. He recounted a recent encounter that left him and his family feeling extremely uncomfortable. “The way they responded to us, the chaotic handling of our travel arrangements, and their aggressive behavior was unacceptable for any airline passenger. This was by far my first unpleasant experience in Dublin,” he stated. Well-respected both on and off the field, Sangakkara's allegations have ignited significant discussions across international media and social platforms. His reputation as a disciplined and composed player enhances the weight of his claims. British journalist Piers Morgan weighed in on the situation, praising Sangakkara as one of the most distinguished gentlemen he has met. He emphasized that if Sangakkara had made such claims, it suggested that the staff’s conduct must have indeed been inappropriate. Morgan expressed his expectation that the airline would take prompt action regarding the matter. Sangakkara, who has represented Sri Lanka in numerous Test, One-Day, and T20 matches and has served as the first non-British President of the prestigious Marylebone Cricket Club (MCC) in England, currently serves as the head coach of the Rajasthan Royals in the Indian Premier League (IPL) and is an international cricket commentator. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

