FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

FM Heart · 1 min read

The Heart Academy
හෙරොයින් ග්‍රෑම් 24 ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. දීර්‍ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා විසිනුයි එම මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ. 2022 වසරේ කොළඹ, මෝදර ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ වැටලීමේදී මෙම විත්තිකරු හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 24 ක් සමග අත්අඩංගුවට ගෙන තිබුණා. ඉන් අනතුරුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කළා. නඩු විභාගයෙන් අනතුරුව නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව විත්තිකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා. .
99mobile