FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

පස් කඳු කඩා වැටෙයි.. රඹුක්කන, පේරාදෙණිය හා ගම්පොළ අතර දුම්‍රිය ධාවනය නැවත දැනුම් දෙනතුරු අත්හිටුවයි..

FM Heart · 1 min read

The Heart Academy
ශ්‍රී ලංකා දුම්‍රිය දෙපාර්‍තමේන්තුව විසින් වෙත යොමු කර ඇති විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, මාර්‍ගයේ පූර්‍ණ ආරක්ෂිත බව තහවුරු වන තෙක් අද (25) රාත්‍රී 12.00 සිට ඉදිරි දින සඳහා ද මෙම ධාවන කටයුතු අත්හිටුවීම බලපැවැත්වෙන බවයි. අදාළ දුම්‍රිය මාර්‍ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පසුගිය 24 සහ 25 යන දෙදින තුළ හදිසි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කළ ද, ප්‍රදේශයට තවදුරටත් ඇදහැලෙන අධික වර්‍ෂාව හේතුවෙන් දුම්‍රිය මාර්‍ගය දෙසට පස් කඳු කඩා වැටීමේ දැඩි අවදානම තවමත් පහව ගොස් නොමැති බව දුම්‍රිය දෙපාර්‍තමේන්තුව පෙන්වා දෙයි. කඳුකර දුම්‍රිය මාර්‍ගයේ මෙම කොටස නායයෑම් සහ පස් කඳු කඩා වැටීම්වලට නිරන්තරයෙන් ගොදුරු වන සංවේදී කලාපයක් වන අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මගී ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමේ පූර්‍ව ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත. මේ හේතුවෙන් අදාළ කාලසීමාව තුළ ධාවනය වීමට නියමිතව තිබූ දුම්‍රියන් සඳහා මුදල් ගෙවා ආසන වෙන් කරවා ගත් මගී ජනතාවට, ඒ සඳහා වැය වූ සම්පූර්‍ණ මුදල ඕනෑම දුම්‍රිය ස්ථානයකින් නැවත ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ. මෙම හදිසි හා අත්‍යවශ්‍ය දුම්‍රිය ගමන් වාර අවලංගු වීම හේතුවෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාව පිළිබඳව දුම්‍රිය දෙපාර්‍තමේන්තුව සිය බලවත් කනගාටුව පළ කර සිටියි.
99mobile