
ඇමරිකා යානයකට ඉරානය පහර දී බිම හෙලයි...
FM Heart · 1 min read
ඒකාබද්ධ ගුවන් ආරක්ෂක ජාලය යටතේ ක්රියාත්මක වන ඉරාන යුද හමුදාවේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් එල්ල කරන ලද ප්රහාරයකින් අදාළ අමෙරිකානු ඩ්රෝන යානය විනාශ වී ඇති බව ඉරාන හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ ගුවන් අභ්යවකාශ බලකායේ අණදෙන නිලධාරී බ්රිගේඩියර් ජනරාල් මජිඩ් මූසාවි පසුගිය සැප්තැම්බර් මාසයේදී ප්රකාශ කර තිබුණේ, අමෙරිකාව විසින් සිය 'ලූකස්' ඩ්රෝන යානය නිපදවා ඇත්තේ ඉරානය සතු 'ෂහීඩ්-136' ඩ්රෝන තාක්ෂණය අනුකරණය කරමින් බවයි. ප්රහාරක, නිරීක්ෂණ හා ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා නිර්මාණය කර ඇති ෂහීඩ් පවුලේ ඩ්රෝන යානා ඉරානයේ ජාතික ආරක්ෂණ ක්රියාවලියේ ප්රධාන ශක්තියක් බව ද ඔහු එහිදී පෙන්වා දී තිබිණි. හෝමූස් සමුද්ර සන්ධිය සහ පර්සියානු ගල්ෆ් කලාපය ආශ්රිතව අමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් යුදමය වාතාවරණය මධ්යයේ ඉරාන ගුවන් සීමාව ආක්රමණය කරන අමෙරිකානු ඔත්තු බැලීමේ සහ ප්රහාරක ඩ්රෝන යානා ගණනාවක් මීට පෙර ද ඉරාන ආරක්ෂක අංශ විසින් බිමහෙළා තිබේ. හෝමූස් සමුද්ර සන්ධියට ඉහළින් අමෙරිකානු ඩ්රෝන යානා 50කට අධික සංඛ්යාවක් මෙලෙස බිමහෙළා ඇති බවට ඉරාන මාධ්ය මීට පෙර වාර්තා කර තිබූ අතර, නවතම සිදුවීමත් සමඟ දෙරට අතර පවතින ගැටුම්කාරී වාතාවරණය තවදුරටත් උග්ර අතට හැරෙනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

