FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

යෞවනයේ හද ගැහෙන රිද්මය

NOW PLAYING·FM Heart Live — On Air

ත්‍රෛයිනිකායික මහනා හිමිවරුන් සිදුකළ දැනුම් දීම මත විහාරමහදේවියේ සත්‍යාග්‍රහය තාවකාලිකව අත්හිටුවයි..

FM Heart · 1 min read

The Heart Academy
බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් මැදිහත් වන බවට දැනුම් දී ඇති බැවින්, කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ දින ගණනාවක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වූ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ ප්‍රකාශ කරති. සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සමඟ අද (25) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් උන්වහන්සේ මේ බව නිල වශයෙන් නිවේදනය කළහ. ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස බලකරමින් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහය අද වන විට 10 වැනි දිනටත් එළඹ තිබූ අතර, උද්‍යාන භූමියේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලාගේ පුවරු ගැලවීමට කොළඹ මහ නගර සභාව දැරූ උත්සාහයත් සමඟ පසුගිය දිනවල එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් ද නිර්‍මාණය විය. මීට අමතරව, අදාළ සත්‍යග්‍රහය විසුරුවා හැරීම සඳහා පොලිසිය හෙට (26) දිනයේදී අධිකරණයෙන් වරෙන්තු ලබා ගැනීමට සූදානම් වන බවට ද වාර්‍තා පළව තිබිණි. කෙසේ වෙතත්, ඥානසාර හිමියන් නිදහස් කර ගැනීමේ කටයුත්ත භාරගැනීමට මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් එකඟතාව පළ කර ඇති බැවින්, උන්වහන්සේලාගේ එම තීරණයට ගරු කරමින් සත්‍යග්‍රහ ව්‍යාපාරය මෙලෙස තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.
99mobile