FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඇප නියෝගය හදන්න බැරි වුනා කියා නාමල් යලි රිමාන්ඩ්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

අදාළ නඩුව අද (දින) කැඳවූ අවස්ථාවේදී දෙවැනි සැකකාරිය වන ජානකී සිරිවර්‍ධන මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය. මේ අතර, පළමු සැකකරු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මෙතෙක් සකස් කර අවසන් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, එම ඇප තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නඩුව නැවත කැඳවීමට නියමිත ලබන 23 වැනිදා දක්වා කල් තබන බව විවෘත අධිකරණයේදී දැනුම් දුන්නේය. ඉන්දීය ක්‍රිෂ් සමාගම කොළඹ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියකට පහසුකම් සැලසීමේ අරමුණින් රුපියල් මිලියන 70ක මුදලක් නීතිවිරෝධී ලෙස අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්‍ශන කොමිෂන් සභාව විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Google AdSense

In-Article Ad