
හිටපු සභාපති ජිම් එකක් කඩා ක්රීඩා උපකරණ හොරකම් කරලා...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ තංගල්ල, මැදකැටිය ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි වියේ පසුවන, ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තංගල්ල නගර සභාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළ පුද්ගලයෙකි. වීරකැටිය, කඩිගමුව බෝපහළ ප්රදේශයේ පදිංචි කායවර්ධන උපදේශකවරයෙකු විසින් ඉකුත් 10 වැනිදා පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ පොලිස් නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අන්දමට, තංගල්ල ප්රධාන බස් නැවතුම්පොළේ උඩුමහලේ පිහිටි සැකකාර හිටපු සභාපතිවරයාට අයත් කාමරයක් කුලියට ගෙන මෙම කායවර්ධන පුහුණුකරු විසින් ව්යායාම මධ්යස්ථානයක් පවත්වාගෙන ගොස් තිබේ. පසුව පැමිණිලිකරු විසින් අදාළ මධ්යස්ථානය වසා දමා ඇති අතර, සැකකරු තමන් සතු කාමරය යළි භාර දෙන ලෙස ඉල්ලා ඇතත් පැමිණිලිකරු එය ලබා දීමට කටයුතු කර නොමැත. එම ආරවුල මත සැකකාර හිටපු සභාපතිවරයා විසින් අදාළ කාමරය විවෘත කර, එහි තිබූ රුපියල් ලක්ෂ 25ක් පමණ වටිනා සියලුම කායවර්ධන ව්යායාම උපකරණ රැගෙන ගොස් සිය නිවසේ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.
Google AdSense
In-Article Ad

