
උඩහ ගෙදර ලොකු අයියා විසාල කරදරේක.. කැරපොත්තන් මෝදි බලය දෙදරවමින් විරෝධතා..
FM Heart · 3 min read
Google AdSense
After Featured Image
'කොක්‍රෝච් ජනතා පක්ෂය' (CJP) නමැති උපහාසාත්මක තරුණ දේශපාලන ව්‍යාපාරය ද මෙම උද්ඝෝෂණ සඳහා එක්වීමත් සමඟ තත්ත්වය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. විරෝධතා ආරම්භ වීමටත් පෙර ඒවා මැඩපැවැත්වීමට දිල්ලි පොලිසිය දැඩි ක්‍රියාමාර්‍ග ගෙන ඇති අතර, CJP සංවිධානයේ නිර්‍මාතෘ අභිජීත් දිප්කේ නවදිල්ලියට ළඟා වූ අවස්ථාවේදී ගුවන් යානය තුළදීම අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව අගමැති නරේන්ද්‍ර මෝදිගේ දැඩි විවේචකයෙකු වන ප්‍රකට යූටියුබ් ක්‍රියාකාරික ධෲව් රාතී ද ගුරුග්‍රාම්හි පිහිටි ඔහුගේ නිවසේදී පොලිස් භාරයට ගෙන තිබේ. විරෝධතා හේතුවෙන් මධ්‍යම නවදිල්ලිය දැඩි ආරක්ෂක බලකොටුවක් බවට පත් කර ඇති අතර, උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් නියෝග පනවා ඇත. ආරක්ෂාව සඳහා 20,000 කට අධික පොලිස් භට පිරිසක් වීදිවලට යොදවා ඇති අතර, අගනුවර ක්‍රීඩාංගණ තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන බවට පත් කරමින් අන්තර්‍ජාල සබඳතා ද කපා හැරීමට බලධාරීහු පියවර ගෙන ඇත. තවද දිල්ලියට පැමිණෙන දුරගමන් දුම්‍රිය 250 ක් පමණ අවලංගු කර ඇති අතර, මෙට්‍රෝ දුම්‍රිය පද්ධතියට ද සීමා පැනවීම නිසා ඊට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවා මැදිහත් වී තිබේ. රට පුරා ඡන්ද නාමලේඛන විශේෂ සංශෝධනයකට ලක් කිරීමේ මුවාවෙන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) මැතිවරණ ජයග්‍රහණය කිරීමට වාසිදායක වන අයුරින් මැතිවරණ කොමිසම කටයුතු කරන බවට එරට විපක්ෂය චෝදනා කරයි. භාරතීය ජනතා පක්ෂය උපුටා දක්වන දත්තවලට අනුව මේ වන විටත් මිලියන 130 ක පමණ ඡන්දදායකයන්ගේ නම් ලැයිස්තුවලින් ඉවත් කර හෝ ඉවත් කිරීමට ලකුණු කර තිබේ. සුළුතර ප්‍රජාවන් සහ රජයට විරුද්ධ ඡන්දදායකයන් ඉලක්ක කර ගනිමින් මෙම කප්පාදුව සිදුකර ඇති බවට පෙන්වා දෙන කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි, මෙය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ඡන්ද කොල්ලයක් බවට ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත්, අසල්වැසි බංග්ලාදේශයෙන් පැමිණි නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඡන්දය භාවිත කිරීම වැළැක්වීම සහ නුසුදුසු ඡන්ද ඉවත් කිරීම සඳහා පමණක් මෙම ක්‍රියාවලිය සිදුකරන බව පවසමින් මැතිවරණ කොමිසම සහ භාරතීය ජනතා පක්ෂය එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර සිටියි. කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය මෙම සතිය මුලදී දිල්ලියේ වීදි බසිමින් දැවැන්ත විරෝධතා මෙහෙයවූ අතර, රාහුල් ගාන්ධි සහ ඔහුගේ සොහොයුරියක වන ප්‍රියංකා ගාන්ධි විසින් පෙරමුණ ගෙන ඒවාට නායකත්වය දුන්හ. පොලිස් මාර්‍ග බාධක මඟහරිමින් අසල පිහිටි 'ඕල් ඉන්ඩියා රේඩියෝ' රාජ්‍ය ගුවන්විදුලි සංකීර්‍ණයට ඇතුළු වී මැතිවරණ කොමිසම වෙත යාමට ගත් උත්සාහයේදී ඔවුන් කෙටි කලකට පොලිස් අත්අඩංගුවට ද පත්විය. තමන්ට එරෙහිව දැනටමත් පොලිස් පැමිණිලි (FIR) 45ක් ගොනු කර ඇති බවත්, ඒ සෑම පැමිණිල්ලක්ම තමන්ට පදක්කමක් බඳු බවත් පවසමින් රාහුල් ගාන්ධි විරෝධතා අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව ප්‍රකාශ කර තිබේ. ඉන්දීය ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයා ධුරයෙන් පහ කිරීමට නම් පාර්‍ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම තුනෙන් දෙකක බහුතර ඡන්දයක් අවශ්‍ය වේ. එහෙත් ආසන 543කින් යුත් ලෝක් සභාව තුළ විපක්ෂ සන්ධානය සතුව ඇත්තේ ආසන 184ක් පමණක් බැවින්, මහජන විරෝධතා මඟින් ඔහුට ඉල්ලා අස්වීමට බලකිරීම හැර විපක්ෂයට වෙනත් විකල්පයක් නොමැති බව වැඩිදුරටත් වාර්‍තා කරයි.
Google AdSense
In-Article Ad

