FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෙට්‍රෝ බසයේ හැප්පුවා කියා පෞද්ගලික බස් රියදුරු අත්අඩංගුවට.. රිමාන්ඩ්.. මෙට්‍රො පැති කණ්නාඩිය ලක්‍ෂ තුන හමාරයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හොරණ සිට කොළඹ දක්වා ධාවනය වන මාර්‍ග අංක 120 දරන සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයක සේවය කළ 44 හැවිරිදි රියදුරෙකි. ඔහු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. පොලිස් විමර්‍ශනවලදී හෙළිව ඇති පරිදි, කහතුඩුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මැට්‍රෝ බස් රථය පසුපසින් පැමිණි මෙම පෞද්ගලික බස් රථය, කැස්බෑව හන්දියේ සිටම ප්‍රධාන ලාම්පු දල්වමින් සහ දිගින් දිගටම නළාව ශබ්ද කරමින් පසුපසින් ලුහුබැඳ විත් ඇත. අනතුරුව මිරිස්වත්ත ප්‍රදේශයේදී අදාළ බස් රථය ඉස්සර කළ සැකකාර රියදුරා, බස් රථයේ ඉදිරිපස දකුණු පස ගැටෙන ආකාරයෙන් සිය බස් රථය ධාවනය කර අනතුර සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. මෙම අනතුර හේතුවෙන් මැට්‍රෝ බස් රථයේ දකුණු පස පැති කණ්ණාඩිය සහ ඊට පහළින් වූ වීදුරුව බිඳී ගොස් ඇති අතර, ඒ හේතුවෙන් සිදු වූ අලාභය රුපියල් තුන්ලක්ෂ හතළිස් දෙදහසක් (342,000/-) ලෙස තක්සේරු කර තිබේ.

Google AdSense

In-Article Ad