
බැටරි බලශක්ති පද්ධති (BESS) කළමනාකරණයේ ගැටලුවක්.. විදුලි පාරිභෝගිකයාට අමතර බරක්...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
ඔක්තෝබර් මාසය තුළ පද්ධති මෙහෙයුම්කරු විසින් බැටරි බලශක්ති පද්ධති භාවිත කර ඇති ආකාරය නිරීක්ෂණය කරමින් ඔහු මේ බව අනාවරණය කර තිබේ. විධුර රලපනාව මහතා පෙන්වා දෙන පරිදි ඔක්තෝබර් මාසයේ දින කිහිපයකදීම BESS පද්ධතියෙන් විදුලිය මුදාහැර ඇත්තේ පද්ධතිය තුළ ඉන්ධන බලාගාර ක්‍රියාත්මක නොවන අවස්ථාවලදීය. එබැවින් මෙම පද්ධති මඟින් පිරිවැය අවම කරගැනීමේ හෝ පද්ධති ස්ථායීතාව පවත්වා ගැනීමේ නිසි තාක්ෂණික වාසිය ලබාගෙන නොමැත. අදාළ ගිවිසුම් ප්‍රකාරව BESS පද්ධතියක් වසරකට භාවිත කළ හැක්කේ චක්‍ර 400ක් පමණි. එහෙත් වත්මන් මෙහෙයුම් දත්ත අනුව දිනකට චක්‍ර දෙකක් බැගින් බැටරි පද්ධති ක්‍රියාත්මක කර ඇති අවස්ථා නිරීක්ෂණය වේ. මෙලෙස අවිධිමත් ලෙස බැටරි ධාරිතාව වැය කිරීම තුළින් නියමිත සීමාව ඉක්මනින් අවසන් වුවහොත්, ඉදිරියේදී අධික පිරිවැයක් සහිත ඛනිජ තෙල් බලාගාර මත යැපීමට සිදුවීමෙන් පාරිභෝගිකයාට වැඩි විදුලි බිලක් දැරීමට සිදුවනු ඇත. පසුගිය ඔක්තෝබර් 05 වන දින උදෑසන 5 සිට 8 දක්වා කාලය තුළ බැටරි පද්ධතිවලින් විශාල වශයෙන් විදුලිය මුදාහැර ඇති අතර, එවැනි ක්‍රියාමාර්‍ග මෙහෙයුම් සැලසුම් අතින් ගැටලු සහගතය. විශේෂයෙන්ම එළඹෙන පෙබරවාරි සිට මැයි දක්වා වන වියළි කාලගුණික සමයේදී (දින 90 තුළ) උදෑසන උපරිම විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීමට දිනකට චක්‍ර දෙකක් බැගින් බැටරි ධාවනය කිරීමට සිදුවුවහොත් පද්ධතිය බරපතළ අර්‍බුදයකට මුහුණ දෙනු ඇති බව ඔහු අනතුරු අඟවයි. විදුලි පද්ධති මෙහෙයුම්කරු (NSO) සිය මුල් සැලසුම් ලේඛන මඟින් මෙගාවොට් 450ක අතිරේක BESS ධාරිතාවක් පද්ධතියට එක්කර ගැනීමට යෝජනා කර තිබුණේ මෙවැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට වුවද, පසුගිය කාලයේදී NSO සභාපතිවරයා සහ අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් විසින් එම යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබූ බව ද ඔහු වැඩිදුරටත් සිහිපත් කර දෙයි.
Google AdSense
In-Article Ad

