
කොළඹ කොටස් අද විශාල පල්ලමකට..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ඒ අනුව, සමස්ත කොටස් මිල දර්‍ශකය (ASPI) පෙර දිනයට සාපේක්ෂව ඒකක 283.21 කින් (සියයට 1.38 කින්) පහත වැටී දිනය අවසානයේදී ඒකක 20,234.34 ක් ලෙස සටහන් විය. එසේම, මෙරට ප්‍රමුඛතම සමාගම් නියෝජනය වන S&P SL20 දර්‍ශකය ද ඒකක 53.84 කින් හෙවත් සියයට 0.93 කින් පහළ ගොස් ගනුදෙනු අවසන් වන විට ඒකක 5,762.56 ක් ලෙස වාර්‍තා වී තිබේ. මිල දර්‍ශකවල මෙම පසුබෑමක් දක්නට ලැබුණ ද, වෙළෙඳපොළ තුළ රුපියල් බිලියන 2.74 ක (රු. 2,741,068,421.85) සැලකිය යුතු දෛනික පිරිවැටුමක් වාර්‍තා වීම විශේෂත්වයකි. අද දිනය තුළ සමස්ත ගනුදෙනු 19,147 ක් සිදුව ඇති අතර, එහිදී ගනුදෙනු වූ මුළු කොටස් පරිමාව 72,903,150 (මිලියන 72.9 ඉක්මවා) ක් ලෙස සටහන් විය.
Google AdSense
In-Article Ad

