
ඥානසාර හිමිව චීවරය සහිතව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා පෙත්සමක්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු සඳහා අධිකරණ වලට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේ චීවරය සහිතව ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන ශාන්ත ජයතිලක මහතා විසිනි. එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ.
Google AdSense
In-Article Ad

