
ඥාණසාර හිමි සිවුරු ගලවා මාංචු දමා සිරකරු ඇදුමින් උසාවියට ගෙනේ..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
උන්වහන්සේ සිවුර වෙනුවට ගිහි ඇඳුමින් සැරසී අධිකරණය වෙත කැඳවාගෙන ඒම මෙහිදී විශේෂත්වයක් විය. ඉස්ලාම් දහමට අපහාසාත්මක වන අන්දමේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් උන්වහන්සේට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ අනුව, වහාම උන්වහන්සේව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කරන ලදී එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින්, මේ වන විට බන්ධනාගාරගතව සිටින ඥානසාර හිමියන්ව මෙලෙස මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ. මේ අතර, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් උන්වහන්සේට මීට පෙර නියම කර තිබූ සිරදඬුවමේ ඉතිරි කාලසීමාව ද බන්ධනාගාරය තුළ යළි බලාත්මක කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර ඇත
Google AdSense
In-Article Ad

