FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්ධන මිල සූත්‍රය හංගන්නේ ඇයි.. වහා හෙළි කරන්න.. ලෝක වෙළඳපොලේ මිල මිට බොහෝ අඩුයි..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ඩොලරයක අගය රුපියල් 330ක් ලෙස ගණනය කළ විට සිංගප්පූරු වරායෙන් නැව්ගත කෙරෙන (FOB) ආනයනික මිල සහ මෙරට වෙළෙඳපොළේ දැනට පවතින විකුණුම් මිල ගණන් අතර සැලකිය යුතු පරතරයක් දක්නට ලැබෙන බවයි. ඒ මහතා ඉදිරිපත් කර ඇති දත්තයන්ට අනුව වත්මන් ඉන්ධන මිල සංසන්දනය මෙසේය. යතුරුපැදි, ත්‍රිරෝද රථ සහ බස් රථ හිමියන් ඇතුළු සමස්ත පීඩිත ජනතාවගේ දැනගැනීම උදෙසා මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන නිශ්චිත මිල සූත්‍රය ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කරයි. මීට අමතරව, ලංකා විදුලිබල මණ්ඩලය වෙත රුපියල් 210ක මුදලකට දැවිතෙල් අලෙවි කිරීම තුළින් ලබන අතිවිශාල අධික ලාභය පිළිබඳව ද වගකිවයුතු අංශ ජනතාව හමුවේ වහා කරුණු පැහැදිලි කළ යුතු බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කියා සිටියි.

Google AdSense

In-Article Ad