FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

අධ්‍යාපන ලොක්කියකට අශූචි ප්‍රහාරයක්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මෙම අසූචි ප්‍රහාරය නාරාහේන්පිට පිහිටි නිපුණතා සංවර්‍ධන අරමුදලේ ප්‍රධාන කාර්‍යාල පරිශ්‍රය තුළදී සිදුව ඇති අතර , සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විශේෂ විමර්‍ශනයක් ආරම්භ කර තිබේ . අදාළ ආයතනයේ ආරංචි මාර්‍ග සඳහන් කරන්නේ , සාමාන්‍යාධිකාරිවරිය විසින් ක්‍රියාත්මක කරන ලදැයි කියන ඒකාධිපති පාලන ක්‍රමවේදය සහ සේවකයන් සමඟ පැවති අභ්‍යන්තර ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් සේවක ප්‍රජාව අතර ඇයට එරෙහිව දැඩි විරෝධයක් ගොඩනැඟී තිබූ බවයි . මීට අමතරව , ඇය විසින් අරමුදලේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මාරු කර යැවීමට පියවර ගැනීමද මෙම විරෝධතාව උග්‍ර වීමට ආසන්නතම හේතුව වී ඇතැයි වාර්‍තා වේ . මේ පිළිබඳව කරුණු දක්වමින් නාරාහේන්පිට පොලිසිය සඳහන් කළේ , මෙය ආයතනය තුළ පැවති අභ්‍යන්තර ආරවුලක ප්‍රතිඵලයක් මත සිදුවූවක් බව දැනට සිදුකරන ලද මූලික විමර්‍ශනවලදී අනාවරණය වී ඇති බවයි . සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවකුත් මේ වන තෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර , නාරාහේන්පිට පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්‍ශන මෙහෙයවයි .

Google AdSense

In-Article Ad