FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉදිරි මාස දෙක තුන ඇතුලත රාජපක්‍ෂ පවුලේ පස් දෙනාම හිරේ යනවා..

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ඉදිරි මාස දෙක තුනක කාලය ඇතුළත රාජපක්ෂ පවුලේ පස්දෙනාටම බන්ධනාගාරගතව සිය ජීවිත කාලය අවසන් කිරීමට සිදුවීම වැළැක්විය නොහැකි බව වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා ප්‍රකාශ කරයි. වමේ කේන්ද්‍රය විසින් කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා පෙන්වා දුන්නේ, තමන්ගේ පවුල සහ දරුවන් හොරකමට මෙන්ම පාදඩකමට යොමු කිරීමේ අනිවාර්‍ය ප්‍රතිඵලය සහ ආනිසංසය මෙය බවත්, එමඟින් සමස්ත රටටම ප්‍රබල පණිවිඩයක් ලැබෙන බවත්‍ය. මෙරට දේශපාලන සංස්කෘතිය අසීලාචාරකරණය කිරීමේ ප්‍රධාන සංකේතය බවට පත්ව ඇත්තේ 'රාජපක්ෂ මාෆියා පවුල' බව ද හෙතෙම චෝදනා කළේය. ලෝක ඉතිහාසයේ එක් පවුලක් විසින් රටක් සම්පූර්‍ණයෙන්ම බංකොලොත් භාවයට පත් කළේ නම් ඒ රාජපක්ෂ පවුල පමණක් බව මුළු ලෝකයම දන්නා කරුණක් යැයි අවධාරණය කළ ඒ මහතා, ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන් මෙම පවුල දේශපාලනයෙන් මුළුමනින්ම අතුගා දැමිය යුතු බවද වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad