
පාස්කු ප්‍රහාරකයන් බෝ*බ ඇද්දේ මගෙ ලොරියෙන්.. නුවර පෙරහැරට, අනුරාධපුරට ගහන්න හිටියේ..- රජයේ සාක්කිකරු මාධ්‍ය හමුවක
FM Heart · 5 min read
Google AdSense
After Featured Image
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසු මහනුවර ඇසළ පෙරහර සහ අනුරාධපුර පූජා භූමිය ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කර තිබූ මහා විනාශකාරී දෙවැනි ප්‍රහාරය වැළකී ගියේ තමන් බුද්ධි අංශ වෙත ලබාදුන් නිවැරදි ඔත්තුව නිසා බවත්, එම නඩුවේදී බරපතළ සිරදඬුවම් නියම වූ මොහොමඩ් රිස්කාන් නමැත්තා බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළේ සිය ලොරි රථයෙන් බවත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සාක්ෂිකරුවකු මෙන්ම ඔත්තුකරුවකු වන විතානගේ ශාන්තිලාල් මහතා අනාවරණය කරයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග Truth with Chamuditha යූටියුබ් නාලිකාව ඔස්සේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. ත්‍රස්ත විරෝධී මහාධිකරණය හමුවේ වසර 200ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම වූ 6 වැනි විත්තිකරු වන මොහොමඩ් රිස්කාන් නමැත්තා සමග මීගමුව කටුවාපිටියේ සිට අම්පාර, සම්මන්තුරේ සහ නින්දවූර් දක්වා පැය 13කට අධික කාලයක් පුරා බෝම්බ සහ රසායන ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමට තමන්ට සිදුවූ බව ශාන්තිලාල් මහතා එහිදී පැහැදිලි කළේය. එම භාණ්ඩ තොගය පිළිබඳව පසුව ඇති වූ දැඩි සැකය මත, ජීවිත අවදානම ද නොතකා තමන් වහාම රාජ්‍ය බුද්ධි සේවාවේ මීගමුව නිලධාරීන් දැනුවත් කළ බව පැවසූ ඔහු, එම තීරණාත්මක තොරතුරු හේතුවෙන් රට පුරා දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකි වූ බව මෙසේ සඳහන් කළේය. "මගේ ලොරියේ රිස්කාන් නමැති ත්‍රස්තවාදියා එක්කගෙන ගිය බෝම්බ සහ කෙමිකල් යොදාගෙන ඔවුන්ගේ ඊළඟ ඉලක්කය වෙලා තිබුණේ මහනුවර දළදා පෙරහරට සහ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි සෑය ඇතුළු පූජනීය ස්ථානවලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නයි. ඒ සඳහා අවශ්‍ය බෝම්බ සියල්ල නින්දවූර් නිවසේ සකස් කරමින් තිබුණා. මම ලබාදුන් ඔත්තුව නිසා තමයි ඒ මහා විනාශය වැළකී ගියේ. දහස් ගණනකගේ ජීවිත බේරුණේ මම දුන්න කටඋත්තරය නිසයි." එසේ වුවද, තමන් ලබාදුන් සියයට 95ක්ම නිවැරදි වූ බුද්ධි තොරතුරු මත වහාම ක්‍රියාත්මක වී නින්දවූර් නිවසේ සිටි සහරාන්ගේ සොහොයුරු රිල්වාන්, ෂයිනී මවුලවි, නියාස් සහ සාරා ජැස්මින් ඇතුළු පිරිස පණපිටින් අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබියදීත්, ඉහළ බුද්ධි අංශ නිලධාරීන් එම වැටලීම හිතාමතාම ප්‍රමාද කළ බවට හෙතෙම බරපතළ චෝදනාවක් එල්ල කළේය. එම නොසැලකිලිමත්කම සහ ප්‍රමාදය හේතුවෙන් ත්‍රස්තවාදීන්ට නින්දවූර් සිට සයින්දමරුදු දක්වා පලාගොස් බෝම්බ පුපුරුවා ගැනීමට අවස්ථාව උදා වූ බවත්, ඒ හරහා සැබෑ මහමොළකරුවන් පිළිබඳ තොරතුරු සහ සියලු සාක්ෂි යටපත් වී ගිය බවත් ඔහු පෙන්වා දුන්නේය. මෙම සැකකටයුතු ක්‍රියාකලාපය පිටුපස එවකට පැවති දේශපාලන වාතාවරණය හමුවේ වාසි ලබාගැනීමේ අරමුණින් සැබෑ මහමොළකරුවන් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට තමන් සැක කරන බව ද ඔහු කියා සිටියේය. කෙසේ වෙතත්, තමන් ලබාදුන් මෙම තීරණාත්මක ඔත්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම සහ එය යටපත් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් මේ වන විට නාරාහේන්පිට විශේෂ විමර්‍ශන ඒකකය (SIU) මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, ඊට අදාළව බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බවත් ශාන්තිලාල් මහතා වැඩිදුරටත් අනාවරණය කළේය. Intelligence Intervention Averted Major Attacks on Kandy and Anuradhapura After Easter Sunday Bombings In the aftermath of the devastating Easter Sunday attacks, a planned second wave of bombings targeting the Kandy Esala Perahera and sacred sites in Anuradhapura was thwarted due to crucial intelligence tips, according to a prominent witness. Vithanage Shanthilal, who played a pivotal role as both a key witness and an informant during the investigation, revealed that Muhammad Riskan, a figure implicated in the initial attacks, was armed with explosives and materials for further devastation concealed in his lorry. Shanthilal disclosed these grave concerns in a special discussion on the 'Truth with Chamuditha' YouTube channel, hosted by senior journalist Chamuditha Samarawickrama. While giving testimony in the Anti-Terrorism High Court, he described how Riskan transported a significant stockpile of bombs and chemical substances for over 13 hours, traversing various locations from Katubapitiya to Ampara, Sammanthurai, and Nindavur. This operation raised urgent alarms, prompting him to alert state intelligence officials without hesitation, despite the potential danger to his life. Shanthilal emphasized that his decisive actions saved countless lives across the country. “The bomb and chemicals we were transporting with the terrorist Riskan were intended for attacks on Kandy’s Dalada Perahera and sacred sites such as the Jaya Sri Maha Bodhi and Ruwanweli Seya in Anuradhapura. All the bombs were being prepared at a residence in Nindavur. It was my warning that prevented a major catastrophe,” he stated, highlighting the gravity of the potential threat. However, while Shanthilal praised the effectiveness of his intelligence at 95%, he raised serious allegations about the delayed response of high-level intelligence units. He claimed that the opportunity to detain associated individuals—including Saharan’s brothers, Rilwan, Shainee Maulavi, and Niyas—was missed due to a lack of timely action, which allowed the culprits to escape and continue their malicious activities. Shanthilal speculated that this negligence and delay might have aided the terrorists in fleeing from Nindavur to Sainthamardu, giving them the chance to detonate bombs and potentially compromise critical evidence and information about the actual masterminds behind the plots. He expressed concern that the politically charged atmosphere at the time may have contributed to a conspiracy aimed at safeguarding the real masterminds of terror for personal gain. Currently, the Special Investigations Unit (SIU) based in Narahenpita has initiated an inquiry into the failure to act upon the intelligence he provided. Shanthilal confirmed that statements are being recorded from intelligence personnel regarding the situation. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

