FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

බ්‍රිතාන්‍යයේ ඉන්ධන හිගයක්.. සලාක ක්‍රමයක් අරඹයි.. වාහන වේගය පැයට සැතපුම් 50ට අඩු කරයි...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් උත්සන්න වීම හමුවේ බ්‍රිතාන්‍යයේ ඩීසල් ලීටරයක සාමාන්‍ය සිල්ලර මිල පෙන්ස් 199.05ක් දක්වාත්, පෙට්‍රල් ලීටරයක් පෙන්ස් 174.04ක් දක්වාත් ඉහළ ගොස් ඇති බව RAC මෝටර් රථ සංගමයේ දත්ත පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ ඉතිහාසයේ වාර්‍තා වූ ඉහළම ඉන්ධන මිල ඉක්මවා යාමේ අවදානමක් මතුව තිබේ. මේ අතර, Sky News වාර්‍තාවකට අනුව, පසුගිය ජූලි මාසය වන විට බ්‍රිතාන්‍යය සතුව පැවතියේ දින 42 කට පමණක් ප්‍රමාණවත් ඩීසල් සංචිතයක් වන අතර, එය සංවර්‍ධිත රටවල් අතර ඕස්ට්‍රේලියාව හැරුණු විට වාර්‍තා වූ අවම තෙල් සංචිතයයි. බ්‍රිතාන්‍යයේ ‘ජාතික හදිසි ඉන්ධන සැලැස්මට’ (NEP-F) අනුව, දරුණු සැපයුම් අර්‍බුදයකදී ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ ප්‍රතිපාදන රැසක් අදාළ පුවත්පත් වාර්‍තාව මඟින් හෙළිදරව් කර ඇත. 1976 බලශක්ති පනත ප්‍රකාරව රජයට හිමිවන මෙම හදිසි බලතල ක්‍රියාත්මක කරනු ලබන්නේ රට තුළ අතිශය බරපතළ ඉන්ධන හිඟයක් නිර්‍මාණය වුවහොත් පමණක් බව බලශක්ති සුරක්ෂිතතා දෙපාර්‍තමේන්තුව පෙන්වා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් එම දෙපාර්‍තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, බ්‍රිතාන්‍යය සතුව මේ වන විටත් නම්‍යශීලී සැපයුම් ජාලයක් පවතින අතර, ජාත්‍යන්තර පාර්‍ශ්වකරුවන් සහ දේශීය ඉන්ධන කර්‍මාන්ත ක්ෂේත්‍රය සමඟ නිරන්තර සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවයි.

Google AdSense

In-Article Ad