
සුසන්තිකාගේ වසර 24ක් පැරණි වාර්‍තාවක් චීන ක්‍රිඩිකාවක් විසින් බිඳ හෙලයි
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
ශ්‍රී ලාංකික ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ විසින් පිහිටුවා තිබූ වසර 24 ක් පැරණි ආසියානු ක්‍රීඩා උළෙල වාර්‍තාවක් චීන ක්‍රීඩකාවක විසින් මීට නොබෝවෙලාවකට පෙර බිද හෙලනු ලැබුවා. මෙම දක්ෂතාව දැක්වූයේ චීන ක්‍රිඩිකා චෙන් යුජි (Chen Yujie) විසින්. චීන ක්‍රිඩිකා Chen Yujie විසින් මෙලෙස බිඳ හෙලනු ලැබූයේ 100M කාන්තා ධාවන ඉසව්වේ ආසියානු ක්‍රීඩා උළෙල වාර්‍තාවයි. තත්පර 11යි දශම 1යි 5ක කාලයකින් තරඟය නිමා කරමින් ලංකාවේ සුසන්තිකා ජයසිංහ එම වාර්‍තාව පිහිටුවනු ලැබ තිබුණා. ඒ 2002 වසරේ කොරියාවේ පැවති ආසියානු ක්‍රීඩා උළෙලේදීයි. චීන ක්‍රීඩකා Chen Yujie අද එම වාර්‍තාව බිඳ හෙලුවේ තත්පර 12යි දශම 0යි 6ක කාලයකින් තරඟය නිමා කරමින්. මේ සමග ඉසව්වේ රන් පදක්කම ද Chen Yujie විසින් දිනා ගත්තා. එහි රිදී පදක්කම දිනා ගත්තේ සිංගප්පූරු ක්‍රීඩකා ශාන්ති පිරෙයිරා විසින්. බහරේන ක්‍රිඩිකා ඔඩින්ගෝ එඩිඩින්ගෝ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා. ආසියානු ක්‍රීඩාවට පැවැත්වෙන්නේ ජපානයේ අයිචි නගෝයාහීදීයි. .
Google AdSense
In-Article Ad

