FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පාර්‍ලිමේන්තු න්‍යාය පත්‍රයේ වෙනසක්...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්‍ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව, සැප්තැම්බර් 22 වැනි අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතව තිබූ ‘අපනයන කෘෂිකර්‍මාන්තය ප්‍රවර්‍ධන (සංශෝධන) පනත් කෙටුම්පත’ (දෙවැනි වර කියවීම), සැප්තැම්බර් 23 වැනි බදාදා එම වේලාවේදීම විවාදයට ගැනීමට තීරණය කර ඇත. තවද, සැප්තැම්බර් 23 වැනිදා දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබූ ‘ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත’ එදින සභාවට ඉදිරිපත් නොකිරීමට ද තීරණය වී තිබේ. මේ අතර, ජනතාවට විදුලි බිල්පත් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 17,213 ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සැප්තැම්බර් 22 වන දින පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කර, 23 වැනිදා අනුමත කර ගැනීමට නියමිතය. මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අවශ්‍ය ප්‍රතිපාදන රේඛීය අමාත්‍යාංශ වෙත වෙන් කර ඇති, වසර අවසානය දක්වා වැය නොවන බවට හඳුනාගත් මුදල් මඟින් පියවා ගැනීමට නියමිතව ඇත. ඒ හේතුවෙන්, මෙම ප්‍රතිපාදන මාරු කිරීම මඟින් විසර්‍ජන පනතින් අනුමත කර ඇති රජයේ සමස්ත වියදම් සීමාවට හෝ උපරිම ණය ගැනීමේ සීමාවන්ට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද මහලේකම්වරිය සඳහන් කළාය. කෙසේ වෙතත්, සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පාර්‍ලිමේන්තු කටයුතු පෙර තීරණය කළ පරිදිම කිසිදු වෙනසකින් තොරව පැවැත්වීමට නියමිතය.

Google AdSense

In-Article Ad