FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රාදේශීය ලේකම්ලා, ග්‍රාම සේවකලා මාලිමා හිතවතුන් පත් කරන්න යනවා..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ජන හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, පවතින ආර්‍ථික දුෂ්කරතා හමුවේ ජනතාව රජය විවේචනය කරන විට ඊට විසඳුම් දෙනු වෙනුවට මර්‍දනය දියත් කිරීමට පාලකයන් පෙලඹී ඇති බවයි. ඡන්දයකින් ජනාධිපතිවරයකු පත්ව පාර්‍ලිමේන්තුවේ බහුතරය හිමි කරගැනීමෙන් ලැබෙන්නේ ආණ්ඩු බලය පමණක් බවත්, අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට ගමේ ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී හා කෘෂිකර්‍ම පර්‍යේෂණ නිලධාරී දක්වා විහිදුණු ස්වාධීන යාන්ත්‍රණය රාජ්‍ය බලය බවත් පැවසූ ඔහු, කිසිදු ආණ්ඩුවක් රාජ්‍ය බලය බලහත්කාරයෙන් අත්පත් කර නොගත යුතු බව අවධාරණය කළේය. තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු නොකරන ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීන් ඉවත් කර තම පක්ෂයේ හිතවතුන් පත් කරගන්නා බවට රජයේ ඇතැම් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රසිද්ධියේ තර්‍ජනය කරමින් සිටින බවට දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේය. 1971 සහ 1988/89 වසරවලදී සන්නද්ධ අරගල මඟින් අත්පත් කර ගැනීමට නොහැකි වූ එම රාජ්‍ය බලය, අද වන විට පරිපාලනය තුළින් ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ උත්සාහ කරන බවද ඔහු සඳහන් කළේය. "දැන් ගම් මට්ටමින් ග්‍රාමීය කමිටු හදලා, ඒවයේ සභාපතිවරුන් ලෙස පත්කරලා තියෙන්නේ ජේ.වී.පී එකේ පෝස්ටර් ගහපු දේශපාලන ක්‍රියාකාරිකයන්. අද ගමේ ග්‍රාම නිලධාරී, සංවර්‍ධන නිලධාරී ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ට සිදුවෙලා තියෙන්නේ ඒ පක්ෂ සාමාජිකයන්ගේ අණට යටත්ව වැඩ කරන්න" යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය. එමෙන්ම වාරිමාර්‍ග ඉංජිනේරුවරුන්ගේ නිසි තාක්ෂණික ඇස්තමේන්තුවලින් තොරව ග්‍රාමීය වැව් ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් ලක්ෂ 18-20 වැනි විශාල මුදල් ප්‍රතිපාදන වෙන් කරමින්, වැව් හෑරීමේ මුවාවෙන් එම මුදල් සිය පක්ෂ හිතවතුන් අතරේ බෙදාගැනීමේ කූට ව්‍යාපෘතියක් මේ වන විට ක්‍රියාත්මක වන බවටද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් චෝදනා එල්ල කළේය.

Google AdSense

In-Article Ad