FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සිවරාසාට සෞදියෙන් මරණ දඬුවම ලැබුනේ රජයේ වැරදි අභියාචනය නිසා - රාසමානික්කම්

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

ඉස්ලාම් ධර්‍මයට සහ නබි නායකතුමාට අපහාස කළ බවට චෝදනා කරමින් සෞදි අරාබියේදී අත්අඩංගුවට ගෙන සිටි අනෝජන් සිවරාසා නැමැති ශ්‍රී ලාංකික තරුණයා වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව, ඔහුට ලබාදී තිබූ දඬුවම මරණ දඬුවම දක්වා දැඩි වී ඇතැයි පාර්‍ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්‍ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ තරුණයා මුහුණ දී සිටින තත්ත්වය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා හමුවී සාකච්ඡා කළ බවයි. මෙම නඩුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා රුපියල් ලක්ෂ 19 ක මුදලක් අවශ්‍ය වන බව දැනුම් දී තිබේ. ඒ අනුව දැඩි ආර්‍ථික දුෂ්කරතා මධ්‍යයේ වුවද එම පවුලේ සාමාජිකයන් අදාළ රුපියල් ලක්ෂ 19 ක මුදල සොයාගෙන විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ගෙවා ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. කෙසේ වෙතත්, මෙම අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව අනෝජන්ට සිරදඬුවමක් වෙනුවට සෘජුවම මරණ දඬුවම නියම වී ඇති බව පෙන්වා දුන් ශානක්‍යන් රාසමානික්කම් මහතා, "ලක්ෂ 19ක් වියදම් කරලා අවසානයේ තමන්ගේ පුතාට මරණ දඬුවම මිලදී ගත්තා" යැයි අනෝජන්ගේ මව දැඩි ශෝකයෙන් යුතුව චෝදනා කරන බවද ප්‍රකාශ කළේය. මීට අමතරව, අධිකරණය හමුවේ පෙනී සිටින බවට දැනුම් දුන් නීතිඥවරයා වෙනුවට වෙනත් නීතිඥවරයකු නඩුව සඳහා ඉදිරිපත් කර තිබීම සම්බන්ධයෙන්ද පවුලේ ඥාතීන් බරපතළ සැකයක් සහ කනස්සල්ලක් පළ කර ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Google AdSense

In-Article Ad