FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

හරි නම් තෙල් මිල වැඩි කරන්න ඔ්නෑ..- ජනපති

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද සඳහන් කළේය: "මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල නැවතත් පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඉහළ මට්ටමටම ඇවිත් තිබෙනවා. ඒ හරහා අපේ රටටත් විශාල පීඩනයක් එල්ල වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි වෙනකොට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව දේශීය මිල ගණන් වැඩි කළහොත් ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්දැයි පසුගිය කාලයේ ජනතාව ප්‍රශ්න කළා. පසුගිය අප්‍රේල්, මැයි, ජූනි සහ ජූලි යන මාස හතරේදීම ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගියත්, අපි ඒ බර ජනතාව මත පැටවූයේ නැහැ. ඒ මාස හතර තුළ සෑම ඩීසල් ලීටරයකටම රුපියල් 100ක සහනාධාරයක් ආණ්ඩුව මඟින් ලබා දුන්නා. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 6,000ක පමණ මුදලක් රජය දැරුවා. මේ වන විට නැවතත් ලෝක වෙළෙඳපොළේ මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව එළඹෙන ඔක්තෝබර් පළමුවැනිදා සිදු කෙරෙන මිල සංශෝධනයේදී සූත්‍රයට අනුව මිල වැඩි විය යුතුයි. එහෙත් ආණ්ඩුවක් විදියට අපි බලාපොරොත්තු වෙනවා යම් සහනාධාරයක් ලබා දීලා ඒ මිල වැඩිවීම පාලනය කරන්න. අර්‍බුදයක් හෝ ව්‍යසනයක් ඇතිවූ විට එහි සම්පූර්‍ණ බර ජනතාව මත නොපටවා, ජනතාවට සහනයක් වීම ආණ්ඩුවක ප්‍රධාන වගකීමක්." මීට අමතරව අයහපත් කාලගුණය හේතුවෙන් මුහුදු යාමට නොහැකි වූ අවස්ථාවලදී ධීවර ජනතාවට අමතර ඩීසල් සහනාධාර සහ මූල්‍ය ආධාර ලබා දෙමින් ඔවුන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීමට කටයුතු කළ ආකාරයත්, විදුලි බිල සහනදායී මට්ටමක පවත්වා ගැනීමට රජය මැදිහත් වූ ආකාරයත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.

Google AdSense

In-Article Ad