
ශ්‍රී ලංකා පිලට එංගලන්තයේ පිට්ටනි හරි නෑලු..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
එංගලන්තයේදී සාමාන්‍යයෙන් දැකගත හැකි තණකොළ සහිත (Green top) තණතීරු වෙනුවට මෙවර තරග සඳහා ලැබී ඇත්තේ කොළ පැහැය අවම, ගෙවීගිය මතුපිටකින් යුත් තණතීරුය. මෙවැනි තණතීරුවල හැසිරීම නිවැරදිව පුරෝකථනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා කඳවුර තුළ යම් අවිනිශ්චිතතාවක් හටගෙන ඇති අතර, මේ පිළිබඳව පසුගිය කණ්ඩායම් රැස්වීම්වලදීද දීර්‍ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ. එංගලන්ත ක්‍රිකට් තරග වාරය මේ වන විට අවසන් අදියරට පැමිණ තිබීම හේතුවෙන්, කාලයක් මුළුල්ලේ අධික ලෙස තරග පැවැත්වීම නිසා තණතීරු මෙලෙස කඩතොලු ස්වභාවයක් ගෙන ඇති බව පැවසේ. ශ්‍රී ලංකා පිල මුහුණදුන් පුහුණු තරග ද්විත්වයේදීද දක්නට ලැබුණේ මෙවැනිම තත්ත්වයකි. එහිදී තණකොළ අවම වුවද, පන්දුව බලාපොරොත්තු නොවූ වේගයකින් පිත්ත වෙත පැමිණි බව කණ්ඩායම් සාමාජිකයෙකු අනාවරණය කර ඇත. සාම්ප්‍රදායික එංගලන්ත දේශගුණය අපේක්ෂාවෙන් මෙවර සංචාරය සඳහා වැඩි වේගපන්දු යවන්නන් පිරිසක් සංචිතයට එක්කර තිබුණද, පවතින තණතීරුවල මෙම විෂම ස්වභාවය හමුවේ අවසන් කණ්ඩායමේ පන්දු යැවීමේ සංකලනය තීරණය කිරීම ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට දැඩි අභියෝගයක් වී තිබේ.
Google AdSense
In-Article Ad

