FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

සංස්ථා සභාපතිගේ රියදුරු නිල වාහනයත් සමග අතුරුදන්.. සොයා පොලිස් මෙහෙයුම්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පසුගිය 21 වනදා කොළඹ 06, ස්ටැෆර්‍ඩ් පාරේ පිහිටි කඩදාසි සංස්ථා ප්‍රධාන කාර්‍යාලයේ සිට සභාපතිවරයා කැඳවාගෙන ඒම සඳහා කඩවත පිහිටි ඔහුගේ නිවස බලා පිටත්ව ගිය අවස්ථාවේදී මෙම අතුරුදන්වීම සිදුව ඇතැයි පොලිසිය පවසයි. නියමිත වේලාවට වාහනය නිවස වෙත ළඟා නොවීම හේතුවෙන් සභාපතිවරයා රියැදුරු අමතා ඒ පිළිබඳව විමසා ඇති අතර, රථයේ ඉන්ධන කාන්දුවක් පවතින බවට රියැදුරු එහිදී ප්‍රකාශ කර තිබේ. අනතුරුව කඩවත ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට ගොස් රථය පරීක්ෂා කරවා ගන්නා ලෙස සභාපතිවරයා උපදෙස් දී ඇති අතර, රියැදුරු අදාළ ගරාජය වෙත ගොස් පරීක්ෂා කිරීමේදී වාහනයේ කිසිදු කාර්‍මික දෝෂයක් නොමැති බව එහි කාර්‍මිකයන් දැනුම් දුන් බවටද පොලිස් මූලික විමර්‍ශනවලදී අනාවරණය වී ඇත. කෙසේවෙතත්, එදින පස්වරු 4.00 පමණ වන තෙක් ඔහු ආයතනය වෙත නොපැමිණි හෙයින් යළි දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද, ඒ වන විටත් රියැදුරුගේ ජංගම දුරකථනය විසන්ධි කර තිබූ බව පැවසේ. මේ සම්බන්ධයෙන් කඩදාසි සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාර සමන් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා විසින් වැල්ලවත්ත පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර, මෙලෙස අතුරුදන්ව ඇත්තේ රාගම, කැන්දලියද්දපාළුව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. අතුරුදන් වූ රියැදුරු සහ කැබ් රථය සොයා දුරකථන විශ්ලේෂණ වාර්‍තා මෙන්ම ආරක්ෂිත කැමරා දර්‍ශන ඔස්සේ පැති කිහිපයකින් විමර්‍ශන මෙහෙයවනු ලැබේ.

Google AdSense

In-Article Ad