FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

A9 ගත් සිසුවා කුඩු ගහන්න සල්ලි නොදුන්නැයි මවට පොලු පහර දී අවසන් ගමන් යවයි...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අච්චුවේලි, පුතූර් බටහිර, ශිව දේවාල පාරේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. අපරාධය සිදු කළ සැකකාර පුත්‍රයා යාපනය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලබමින් පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්‍ථ (A) නවයක් හිමිකරගත් දක්ෂ සිසුවෙකු බව අනාවරණය වී ඇත. කෙසේවෙතත්, පාසල් සමයේදීම මත්ද්‍රව්‍ය භාවිතයට දැඩි ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් ඔහු ඇතුළු සිසුන් තිදෙනෙකු පාසලෙන් නෙරපා හැරීමට විදුහල්පතිවරයා පියවර ගෙන තිබිණි. පාසලෙන් ඉවත් කෙරුණද මත් උවදුරින් මිදීමට නොහැකි වූ මෙම සැකකරු, නිරන්තරයෙන් මවට බියවද්දා මුදල් ලබා ගැනීමට හුරුව සිට ඇත. විදේශගතව සේවය කරන සෙසු දරුවන් විසින් මවගේ නඩත්තුව සඳහා එවන ලද මුදල්වලින් වැඩි ප්‍රමාණයක්ද මොහු විසින් තර්‍ජනය කර ලබාගෙන මිතුරන් සමඟ මත්පැන් හා මත්ද්‍රව්‍ය පානයට වැය කර ඇති බව හෙළිව තිබේ. පසුගිය 14 වනදාද ඔහු සුපුරුදු පරිදි මත්ද්‍රව්‍ය සඳහා මවගෙන් මුදල් ඉල්ලා ඇති අතර, ඇය ඊට දැඩි ලෙස විරෝධය පා මුදල් දීම ප්‍රතික්ෂේප කර ඇත. ඉන් දැඩි ලෙස කෝපයට පත් සැකකරු සිය මවට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් විමර්‍ශනවලදී තහවුරු විය. පොලිසියට ලද තොරතුරක් මත අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවෙස තුළ තිබී මියගිය කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය පුළුල් විමර්‍ශනයක් ආරම්භ කර තිබේ.

Google AdSense

In-Article Ad