
නැව් ඉන්ධන මිල ඉහළ යාමෙන් භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ඉහළට... කොළඹ වරායේ ඉන්ධන සැපයුම් ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහලට...
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අමෙරිකා - ඉරාන යුද්ධය සහ හූති - සෞදි ගැටුම් හේතුවෙන් ගෝලීය නාවික ක්ෂේත්‍රය වෙත දිනකට යුරෝ මිලියන 340ක දැවැන්ත අතිරේක ඉන්ධන වියදමක් දැරීමට සිදුව ඇත. විශේෂයෙන්ම, සිංගප්පූරු වෙළෙඳපොළේ නෞකා සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරනු ලබන ඉතා අඩු සල්ෆර් සහිත ඉන්ධන තෙල් (VLSFO) මිල, යුද්ධයට පෙර පැවති මිල ගණන්වලට සාපේක්ෂව මේ වන විට සියයට 60කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ඉන්ධන ප්‍රවාහනයට එල්ල වී ඇති බාධා සහ මැදපෙරදිග මුහුදු කලාපයේ පවතින ඉහළ ආරක්ෂක අවදානම හේතුවෙන් නෞකා ගමනාගමන වියදම් ඉහළ ගොස් ඇති අතර, එමගින් ගෝලීය වෙළෙඳ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු කෙරෙහි සෘජු බලපෑම් එල්ල වෙමින් පවතී. මේ අතර, ප්‍රධාන ජාත්‍යන්තර නාවික මාර්‍ගයක පිහිටි ශ්‍රී ලංකාවටද මෙම තත්ත්වය සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. රතු මුහුද ආශ්‍රිත අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් නාවික මාර්‍ග වෙනස් කිරීමට නෞකාවලට සිදුවීමත් සමඟ, කොළඹ වරාය හරහා ගමන් ගන්නා නෞකා සංඛ්‍යාව සහ මෙරටින් නැව් සඳහා ඉන්ධන ලබාගැනීමේ ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව 'එස් ඇන්ඩ් පී ග්ලෝබල්' (S&P Global) දත්ත වාර්‍තා මගින් තහවුරු කර ඇත.
Google AdSense
In-Article Ad

