FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මහින්ද කරුණා-පිල්ලෙයාන් දමනය කලා වගේ නාමල් අර්‍චුනා දමනය කලා...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ මහතා පෙන්වා දුන්නේ, මන්ත්‍රී අර්‍චුනාගේ අතීත ක්‍රියාකලාපය සහ පාර්‍ලිමේන්තුවේදී ඔහු සිදු කළ මුල් කාලීන ප්‍රකාශ දෙස බැලීමේදී, ඔහු මෙවැනි ස්ථාවරයකට ක්ෂණිකව පරිවර්‍තනය වීමට බලපෑ එකම හේතුව නාමල් රාජපක්ෂ මහතා බවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරුණා අම්මාන් සහ පිල්ලෙයාන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට යොමු කරමින් යුද ගැටුම් පැවති ප්‍රදේශ සංවර්‍ධනය කරා මෙහෙයවූ අයුරින්ම, නාමල් රාජපක්ෂ මහතාද මන්ත්‍රී අර්‍චුනාගේ දේශපාලන ආකල්ප වෙනස් කිරීමට සමත්ව ඇති බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

Google AdSense

In-Article Ad