FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

තහනමට පෙර චොකා රටින් පිටවේ.. දැන් තායිලන්තයේ..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

පසුගිය සිකුරාදා ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පැනවූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලබන ඔක්තෝබර් 21 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය. කෙසේ වෙතත්, එම ගමන් තහනම ක්‍රියාත්මක කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව පියවර ගන්නා අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ ජයසේකර මහතා පසුගිය අගෝස්තු 31 වැනිදා තායිලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්‍තමේන්තුව විසින් නීතිපති දෙපාර්‍තමේන්තුව වෙත කරුණු වාර්‍තා කර ඇත. මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ 2015 වසරේ කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර මහාධිකරණය මගින් ලබාදුන් මරණ දඬුවමින් ඔවුන් නිදහස් කිරීමට අභියාචනාධිකරණය ගත් තීරණයට එරෙහිව, ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය. ප්‍රේමලාල් ජයසේකර මහතා සමඟ හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්‍ශන ද සිල්වා යන මහත්වරුන්ට ද මෙම චෝදනා එල්ල වී තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේ එවකට පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ මැතිවරණ රැලියකට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන්ට මරණ දඬුවම නියම වී තිබුණි. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ ගිහාන් කුලතුංග යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනුණු අතර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමකට අනුව මෙම ගමන් තහනම පනවන ලදී.

Google AdSense

In-Article Ad