
ශ්‍රී පාද මළුව ආසන්න කසල කන්දේ විශාල කඩාවැටීමක්..
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මෙය නාය යාමක් ලෙස පෙනුනද ශ්‍රිපාද වන්දනාවේ පැමිනෙන පිරිස් විසින් රැගෙන විත් ශ්‍රිපාද කන්දේ දමා යන ප්ලාස්ටික් බෝතල් පොලිතින් මළු ඇතුළු කසල ශ්‍රිපාද මාර්‍ගයට කඩා වැටිමක් බව පොලිසිය පවසයි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් ජේශ්ඨ පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතා පවසනුයේ සෑම වර්‍ශයකම ශ්‍රිපාද වන්දනා වාරය ආරම්භ විමට පෙර කරනු සාකච්චාවලදි ශ්‍රිපාදස්ථානාධිපති ස්වාමින් වහන්සේ ඇතුළු විවිධ නිලධාරින් ශ්‍රිපාදස්ථානයට ප්ලාස්ටික් බෝතල්, පොලිතින් මළු හා කසල බැහැර නොකරන ලෙස විවිධ ඉල්ලිම් කලද බොහෝ පිරිස් තමන් රැගෙන ප්ලාස්ටික් බෝතල් පොලිතින් මළු ඇතුළු විවිධදේ ශ්‍රිපාදස්ථානයේ දමා යන බවත්‍ය. මෙසේ එකතුව තිබු කසල ශ්‍රිපාද මාර්‍ගයට මෙසේ කඩා වැටිකට ලක්ව ඇති බවත් මෙය නාය යාමක් ලෙස පෙනුනද ශ්‍රිපාද කන්ද නාය යාමක් නොව කසල මාර්‍ගයට කඩා වැටිමට ලක්ව ඇති බවත් එම කසල ගොඩවල් ඉවත් කිරිමට ගුවන් හමුදා නිලධාරින්, යුධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින් ඇතුළු පිරිස් ඉදිරියේදි කටයුතු කරන බවත්‍ය.
Google AdSense
In-Article Ad

