FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ලංකා අයි සී සමාගමත් පෙට්‍රල් අඩු කරයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩු කළ මිල ගණන් යටතේ ලංකා අයි ඕ සී සමාගමද පෙට්‍රල් මිල අඩු කර තිබෙනවා. පෙට්‍රල් මිල පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමටයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 20කින්. එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 475 ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අඩුකර ඇත්තේ රුපියල් 15කින්. එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 399ක් වන බවයි එම සංස්ථාව පැවසුවේ. කෙසේවෙතත් සෙසු ඉන්ධන වර්‍ගවල මිල සංශෝධනය කර නැහැ. ඒ අනුව එම ඉන්ධන මිල ගණන් පවතින මිල ගණන් යටතේ තවදුරටත් අළෙවි කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවා. .

Google AdSense

In-Article Ad