FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

22 පෙත්සම් වලට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පත් කිරීමට සූදානම්...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පාර්‍ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම සංශෝධනයට පක්ෂව සහ විපක්ෂව පසුගිය සිකුරාදා සවස් වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 27ක් ගොනු කර තිබුණි. දේශපාලන ආරංචි මාර්‍ග සඳහන් කරන්නේ හෙට දිනයේදී තවත් පෙත්සම් කිහිපයක් අධිකරණය හමුවේ ඉදිරිපත් වීමට නියමිත බවයි. අදාළ ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්නත්, එය සම්මත කර ගැනීමට අවශ්‍ය පාර්‍ලිමේන්තු බහුතරය හෝ වෙනත් නිර්‍දේශ පිළිබඳවත් තීරණය කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ විනිශ්චය මණ්ඩලය පත් කරනු ඇත. විනිශ්චය මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව, අදාළ පෙත්සම් විභාග කර සති තුනක කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල මතය ජනාධිපතිවරයා සහ කථානායකවරයා වෙත දැනුම් දීමට නියමිතය.

Google AdSense

In-Article Ad