
යුක්‍රේනයේ හමුදා අවි ගබඩාවකට රුසියාවෙන් ප්‍රහාරයක් – 37ක් මරුට – හමුදා නිලධාරීන්ගේ බරපතල පැහැරහැරීමක් ගැන සෙලෙන්ස්කිගෙන් පරීක්ෂණ
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
යුක්‍රේනයේ කියෙව් අගනුවර ආසන්නයේ පිහිටි හමුදා අවි ගබඩාවකට රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයත් සමග සිදුවූ දැවැන්ත පිපිරීම් හේතුවෙන් අසල පිහිටි නිවාස 130 කට ආසන්න සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, පුද්ගලයින් 400 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. මයිලා (Myla) නම් ගම්මානයේ පිහිටි මෙම අවි ගබඩාව තුළ දිගු දුර ඩ්‍රෝන යානා සඳහා භාවිත කරන කොටස් සහ රොකට් ප්‍රමෝදක (launch boosters) තැන්පත් කර තිබූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කළා. මෙම පිපිරීම හේතුවෙන් අසල පිහිටි වැඩිහිටි හා ආබාධිත තැනැත්තන් රැකබලා ගන්නා මධ්‍යස්ථානයකට ද දැඩි හානි සිදුව තිබෙනවා. ළමුන් 4 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 42 දෙනෙකු තුවාල ලබා ඇති අතර, සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. ජනාවාස ප්‍රදේශයක් ආසන්නයේ මෙලෙස පුපුරන ද්‍රව්‍ය ගබඩා කර තැබීම “කිසිසේත්ම අනුමත කළ නොහැකි බරපතල වැරැද්දක්” බවයි යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් වගකිව යුතු හමුදා නිලධාරීන්ට එරෙහිව රාජකාරී පැහැරහැරීමේ චෝදනා යටතේ අපරාධ පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙනවා. .
Google AdSense
In-Article Ad

