
සති අන්තයේ ඉන්ධන හිගයක්..
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
එම සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා සඳහන් කළේ , ඇතැම් පෞද්ගලික ඉන්ධන සැපයුම්කරුවන් මේ දිනවල ඉන්ධන නිකුත් කිරීමේදී එසැණින් මුදල් ගෙවන ලෙස බලකර සිටින බවයි . මේ හේතුවෙන් ඇතැම් පිරවුම්හල් හිමියන් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බවත් , එය සති අන්තයේදී පාරිභෝගිකයන්ට බලපාන ඉන්ධන හිඟයකට මඟ පෑදිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය . කෙසේ වෙතත් , ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉන්ධන ලබාගන්නා පිරවුම්හල් සඳහා මෙම ගැටලුව බලනොපාන බවත් , එම සංස්ථාව තවදුරටත් පිරවුම්හල් හිමියන් සඳහා ණය පහසුකම් ලබාදෙන බවත් ඔහු පැවසීය . පිරවුම්හල්වල සිදුවන ගනුදෙනුවලින් බහුතරයක් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් සිදුවන අතර , එම මුදල් පිරවුම්හල් හිමියන්ගේ ගිණුම්වලට බැර වීමට දින කිහිපයක් ගතවීම නිසා පෞද්ගලික සැපයුම්කරුවන්ට එසැණින් මුදල් ගෙවීමට පිරවුම්හල් හිමියන් අපහසුතාවයට පත්ව සිටින බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය . මේ අතර , මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය සහ ගෝලීය ඉන්ධන මිලෙහි පවතින අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගෙන , ඉන්ධන බෙදාහැරීම සඳහා දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යන බව රජය පවසයි . කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් රජයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ , ලෝක වෙළඳපොළේ තත්ත්වය යහපත් වන තෙක් මහජනතාවට බාධාවකින් තොරව ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා මෙම තීරණය ගත් බවයි . පවතින තත්ත්වය හමුවේ මෙරට ඩීසල් පරිභෝජනය 10% කින් සහ පෙට්‍රල් පරිභෝජනය 5% කින් පමණ පහත වැටී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය . ගෝලීය ඉන්ධන අර්‍බුදය සමනය වන තෙක් QR ක්‍රමය අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇතැයි රජය අපේක්ෂා කරයි .
Google AdSense
In-Article Ad

