FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වන්නිල ඇත්තෝ අහස් යාත්‍රාවකින් දඹදිවට මංගච්ඡයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තෝ ඊයේ (25) ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL195 ගුවන් යානයෙන් දඹදිව වන්දනාවක නිරතවීමට කටුනායක ගුවන් තොටුපලින් නව දිල්ලිය බලා පියත්ව ගොස් තිබේ. වන්නිලැත්තන් සමග ඔහුගේ ආරක්ෂක නිලධාරියා, භාෂා පරිවර්‍තකවරයා මෙන්ම බාල පුත් ඌරුවරිගේ කළු බණ්ඩියා ද මෙම චාරිකාව සඳහා එක් වී ඇත. වන්නිලැත්තන් නායකත්වයට පත් වීමට පෙර එනම් මීට වසර 20 කට පෙර එක් වරක් දඹදිව වන්දනා චාරිකාවක නිරත වී තිබිණි. නායකත්වයට පත් වීමෙන් පසු මේ ඔහුගේ පළමු දඹදිව වන්දනා චාරිකාව බවද පැවසේ. මෙම වන්දනා චාරිකාව, පෞද්ගලික වන්දනා චාරිකා ආයතනයක් මගින් සංවිධානය කර තිබූ අතර, එම ආයතනය විසින් වන්නිලැත්තන් ඇතුළු පිරිසට ද මේ සඳහා එක් වන ලෙස ආරාධනා කර තිබිණි. මෙම පිරිස ලබන මස 06 වැනිදා දක්වා මෙම වන්දනා චාරිකාවේ නිරත වීමට නියමිතය. මෙම චාරිකාව සඳහා වන්නිලැත්තන් ඇතුළු පිරිස මී පැණි, විලඳ ඇතුළු පූජා භාණ්ඩ රාශියක් ද රැගෙන විත් තිබූ අතර, කටුනායක ගුවන් තොටුපොළ බෑග් අලෙවි සලකින් තම බඩුබාහිරාදිය දමා ගැනීම සඳහා වන සතුන්ගේ රුව සිතුවම් කර තිබූ රෙදිවලින් මසන ලද පරිසර හිතකාමී කරෙහි එල්ලා ගෙන යා හැකි බෑගයක් ද මිලදී ගත් බව මාධ්‍ය වාර්‍තා කර තිබේ. වන්නිල ඇත්තෝ ඇතුළු වන්දනා නඩය 50 දෙනකුගෙන් සමන්විත බවද පැවසේ.

Google AdSense

In-Article Ad