FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

රනිල් ආවේ නිල සංචාරයකටයි - වුල්වර්‍හැම්ප්ටන් සරසවිය යලි කියයි

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා බ්‍රිතාන්‍යයේ සංචාරය කරන ලද්දේ, සිය විශ්වවිද්‍යාලයේ නිල ආරාධනයකට අනුව බව වුල්වර්‍හැම්ප්ටන් විශ්වවිද්‍යාලය යළි තහවුරු කර තිබේ. හිටපු ජනාධිපතිවරයාගේ සංචාරය, එක්සත් රාජධානි රජයේ ආරාධනාවක් මත නොව විශ්වවිද්‍යාලයේ ඇරයුමකට අනුව සිදුවුණු සංචාරයක් බවද වුල්වර්‍හැම්ප්ටන් විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත. වුල්වර්‍හැම්ප්ටන් විශ්වවිද්‍යාලය පෙන්වා දෙන කරුණු අනුව රාජ්‍ය සංචාරයක් සහ නිල සංචාරයක් අතර පවතින වෙනස්කම ද පැහැදිලි වේ. එනම් රාජ්‍ය සංචාරයකදී ආරාධිතයා ගුවන් යානයෙන් බැසීමේ සිට නැවත පිටත්ව යාම සඳහා ගුවන් යානයට ගොඩවන තෙක් සිදුවන සියලු වියදම් එක්සත් රාජධානිය විසින් දරනු ලබයි. එමෙන්ම රාජ්‍ය සංචාරයක් සිදුවන්නේ රාජ්‍ය නායකයෙකුගේ ආරාධනය මත පමණි. එක්සත් රාජධානිය රාජ්‍ය සංචාරයකට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී ඇත්තේ එක්වරක් පමණක් වන අතර ඒ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කාලයේදීය. මීට අමතරව ඇමරිකා එක්සත් ජනපදය හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්‍ධනට රාජ්‍ය සංචාරයක් ලබා දී තිබිණ. - ගයාත්‍රි ගීගනආරච්චි

Google AdSense

In-Article Ad