FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඥාණසාර හිමිගේ පන්සලේදී පොලිස් නිලධාරියෙන් වෙඩි තබාගෙන දිවි නසාගනී...

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩවසන විහාරස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරියෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ. පොලිස් ආරංචි මාර්‍ග සඳහන් කරන්නේ, අදාළ නිලධාරියා පසුගිය දින කිහිපය පුරාම යම් අසනීප තත්ත්වයකින් පසුවී ඇති බවයි. විහාරස්ථාන පරිශ්‍රය තුළදීම මෙම වෙඩි තබා ගැනීම සිදුව ඇති අතර, සිද්ධියත් සමඟ ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත මේ වන විට විශේෂ විමර්‍ශනයක් ආරම්භ කර තිබේ. මරණයට හේතුව අසනීප තත්ත්වය නිසා ඇතිවූ මානසික පීඩනයක් ද නැතහොත් වෙනත් පෞද්ගලික කරුණක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුරටත් කරුණු සොයා බලයි.

Google AdSense

In-Article Ad