FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

පඳුරු අස්සේ සැඟවී වාහන නැවැත්වීම තහනම්..- රථවාහන පොලිසියට නව උපදෙස්..

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නිලධාරීන් සිය රාජකාරිය විවෘතව සහ වෘත්තීය මට්ටමින් ඉටු කළ යුතු බවත්, වාහනයක් නතර කළ යුත්තේ අනෙක් රියදුරන්ට පැහැදිලිව පෙනෙන ස්ථානයක බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි. මාර්‍ගයේදී සිය රාජකාරිය කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව පොලිස් දෙපාර්‍තමේන්තුව නිකුත් කර ඇති චක්‍රලේඛ සහ මාර්‍ගෝපදේශ නිසි ලෙස අනුගමනය කළ යුතු බව ඔහු රථවාහන පොලිස් නිලධාරීන්ට මතක් කර දුන්නේය. රියදුරන්ගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කරන බවට සැකයක් මතු වන ආකාරයෙන් අත්තනෝමතික ලෙස රථවාහන නැවැත්වීම හෝ මෙහෙයුම් සිදු කිරීමෙන් පොලිස් නිලධාරීන් වැළකිය යුතු බව ඔහු පැවසීය. වාහනයක් නැවැත්වීමේදී එය විනිවිදභාවයකින් යුතුව බස් නැවතුම්පොළක හෝ වෙනත් විවෘත ස්ථානයක සිදු කළ යුතු බව ඔහු සඳහන් කළේය. අවශ්‍ය අවස්ථාවලදී පොලිස් නිලධාරීන්ට වාහනයක් ලුහුබැඳ යාමට අවසර ඇති නමුත්, එහිදී අනන්‍යතාවය සහ ලුහුබැඳීමට හේතුව පැහැදිලිව පෙනෙන්නට තිබිය යුතු බව ද සේනාධීර මහතා ප්‍රකාශ කළේය. රියදුරන් වෙත විශේෂ දැනුම්දීමක් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ, රථවාහන වරදක් සම්බන්ධයෙන් වාහනයක් නැවැත්වූ අවස්ථාවකදී පොලිස් නිලධාරියාට සෘජුව මුදල් ගෙවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි. දඩ මුදල් ගෙවීම සඳහා තැපැල් කාර්‍යාල ඇතුළු නීතිය මගින් අනුමත කර ඇති නිසි ක්‍රමවේද පවතින බව ඔහු සිහිපත් කළේය. එම නීත්‍යානුකූල මාර්‍ග අනුගමනය නොකර පොලිස් නිලධාරීන්ට සෘජුව මුදල් ගෙවීම අල්ලස් ලබාදීමක් ලෙස සලකා, එවැනි රියදුරන්ට එරෙහිව ද දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව සේනාධීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Google AdSense

In-Article Ad