FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

මෙහෙම පච කිවුවොත් යන්න වෙන්නේ ගෝටාභය ගිය විදිහටමයි...

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

වීරක්කොඩි මහතා පෙන්වා දුන්නේ, නඩු විභාග කඩිනම් කිරීමට නම් ප්‍රථමයෙන් පොලිස් දෙපාර්‍තමේන්තුව සහ අධිකරණ පද්ධතියේ පවතින දැඩි නිලධාරී හිඟය පියවීමට රජය පියවර ගත යුතු බවයි. පොලිස් සේවය සඳහා නිලධාරීන් එක්ලක්ෂ දෙදහසක් (102,000) අවශ්‍ය වුවද දැනට සේවයේ යෙදී සිටින්නේ හැට අටදහසක් (68,000) වැනි සුළු පිරිසක් බවත්, උප පොලිස් පරීක්ෂකවරුන් සිය දෙනෙකු පත් කරන බවට දුන් පොරොන්දු ද මෙතෙක් ඉටු කර නොමැති බවත් ඔහු සඳහන් කළේය. නීතිපති දෙපාර්‍තමේන්තුවේ පවතින පුරප්පාඩු පිළිබඳව ද අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා, ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් ඇතුළු පළපුරුදු නිලධාරීන් විශ්‍රාම යාමට පෙර ඉල්ලා අස්වීමේ ලිපි ලබා දී ඇති බවත්, එම පුරප්පාඩු පිරවීමට රජය අපොහොසත් වී ඇති බවත් පැවසීය. එමෙන්ම පසුගිය වසර දෙකක කාලය තුළ මහේස්ත්‍රාත්වරුන් ලෙස පත් කර ඇත්තේ 33 දෙනෙකු පමණක් බව පෙන්වා දුන් ඔහු, මහාධිකරණ සහ දිස්ත්‍රික් අධිකරණවල ද පවතින්නේ මෙවැනිම මන්දගාමී තත්ත්වයක් බව අවධාරණය කළේය. විශේෂයෙන්ම ඉඩම් නඩු වසර ගණනාවක් ප්‍රමාද වීමට මිනින්දෝරු හිඟය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, මිනින්දෝරු දෙපාර්‍තමේන්තුවේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බවත් ඔහු චෝදනා කළේය. ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂය සත්‍ය තත්ත්වය වසන් කරමින් ජනතාවට බොරු පවසන බවත්, බොරුවෙන් රට පාලනය කිරීමට උත්සාහ කළ සෑම පාලකයෙකුටම අවසානයේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීමට සිදු වූ බවත් චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Google AdSense

In-Article Ad