FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඉන්දු

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (15) ආරම්භ වේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය පෙ.ව. 10.00ට ආරම්භ වීමට නියමිතය. තරගය සඳහා ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, එහි උපනායකත්වය සඳහා කමිඳු මෙන්ඩිස් නම් කර තිබේ. මේ අතර කුසල් මෙන්ඩිස් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල නැවතත් සංචිතයට කැඳවා ඇති අතර ඔහු පසුගිය 2023 වසරේ මාර්‍තු මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කර නොතිබුණි.

Google AdSense

In-Article Ad