FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

නීතිය ජනතාවට සන්නිවේදන වීමේ ගැටළුවක් ගැන නීති විද්වතෙක් පහදයි

FM Heart · 2 min read

Google AdSense

After Featured Image

නීතිය ජනතාවට සන්නිවේදනය වීමේ ගැටලුවක් පවතින බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පවසනවා. ඔහු කියා සිටියේ නව නීති සම්පාදනය වුවද ඒවා නිසි පරිදි ජනතාව වෙත සන්නිවේදනය නොවීමේ තත්ත්වයක් පෙනෙන්නට ඇති බවයි. “අපිට තියෙන සරල වැරදි ගැනවත් තිබෙනවාද අපිට අවබෝධයක්? අපේ දරුවන්ට තියෙනවාද අවබෝධයක්? මම ඔබෙන් අහනවා, කුඩා දරුවෙක්… එතකොට මේ ක්‍රියාවලිය ඇතුළේ දැනුවත් වෙන්න ඕනේ කවුරුන්ද? සමස්ත සමාජයම ඒ නීති ක්‍රියාවලිය ගැන දැනුවත්ව සිටිය යුතුයි. දැන් දේශපාලනය කරන්න යන, දේශපාලඥයෝ ඉන්නවා… යනවනේ පාර්‍ලිමේන්තුවට, ඒ යන්නේ මොකටද? ඒ යන්නේ නීති හදන්න රටට. නීති හදන්න විතරක් නෙමෙයිනේ, ඒකනේ දේශපාලනය කරනවා කියන්නේ. එතකොට ඒ අය, ඒ හදන නීති සමාජයට සන්නිවේදනය වෙනවාද? මම දකින විදියට තමයි, ප්‍රශ්නය තමයි අපේ ක්‍රියාවලියේ තියෙනවා ගැටලුවක්. ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය… ලංකාවේ ඉහළම අධිකරණවලින් අලුත් නීති හැදෙනවා, අලුත් නීති සංකල්ප බිහිවෙනවා. නමුත් ඒවා තියෙන්නේ ඉංග්‍රීසියෙන්. අපේ අම්පාරේ ඉන්න සාමාන්‍ය පුරවැසියෙක්ට ඒ නෛතික සංකල්පය දන්නවාද? ඔහුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වුණොත් මෙහෙමයි ගන්න පුළුවන් ප්‍රතිකර්‍මය කියලා, ඒක රටේ ඉහළම අධිකරණය තීරණය කරලා තියෙනවා කියලා දන්නවාද? මාධ්‍යයෙන් යනවාද? හරි විරලයි. එතකොට නීතිය ජනතාවට සන්නිවේදනය වීමේ බරපතල ප්‍රශ්නයක් – මගේ පුද්ගලික මතය – මා දකිනවා. සරල කාරණයක සිට ඉහළම අධිකරණයකින් විනිශ්චිත නෛතික සංකල්පයක් දක්වා සමාජයට සන්නිවේදනය වෙන්නේ නෑ.” .

Google AdSense

In-Article Ad