FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වත්තේගම දැරිය අධිකරණ නියෝග මත පරිවාස භාරයට

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

වත්තේගම පොලිස් වසමේ යටිරාවණ පෙදෙසේ පාළු පාරක අත්හැර දමා සිටියදී, පොලීසිය විසින් බේරාගත් සිවු හැවිරිදි දැරිය, පරිවාස භාරයට පත්කර, එම දැරිය පිළිබඳව පරිවාස වාර්‍තාවක් එළඹෙන 20 වන දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, තෙල්දෙණිය මහේස්ත්‍රාත් කමල් සංජය ජයතිලක මහතා, වත්තේගම පොලීසියට නියෝග කර තිබෙනවා. ඒ, වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කල වාර්‍තාවක් සැලකිල්ලට ගනිමින්. මෙම දැරිය පිළිබඳව වැඩිදුර වාර්‍තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින්, වින්දිත දැරියට බරපතළ ලෙස පහරදීම, බාල වයස්කාර දරියක අත්හැර දැමීම, බරපතළ තුවාළ සිදුකර කෲරත්වයට පත්කිරීම සම්බන්ධව පොලීසිය කරුණු දක්වා තිබෙනවා. පොලීසිය අධිකරණයට ඉදිරිපත් කල කරුණු සැලකිල්ලට ගත්, විනිසුරුවරයා, හිංසනයට ලක්වූ දැරිය පරිවාස භාරයට පත් කරන ලෙස නියෝග කළා. මෙම දැරියට සිදුකරන ලද බරපතළ පහරදීම් හේතුවෙන් ඇගේ මුඛයට තුවාළ සිදුවී ඇති බැවින් ඇයට ශල්‍ය කර්‍මයක් සිදුකිරීමට දැරිය පරීක්ෂා කල වෛද්‍යවරු නිර්‍දේශ කර තිබෙනවා. මෙම දැරියට බරපතළ ලෙස පහරදී, දරුණු වධහිංසනයට ලක්කරන ලද සැකකරුවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා, වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි ප්‍රකාශ කර ඇත්තේ. .

Google AdSense

In-Article Ad