
මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ කිහිපයක දැඩි හිඟයක්.. රෝගීන් අසීරුතාවක...
FM Heart · 2 min read
Google AdSense
After Featured Image
මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්‍ග කිහිපයක මාස කිහිපයක සිට පවතින දැඩි හිඟය හේතුවෙන් රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වාර්‍තා වේ. රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන්ට නොමිලේ ලබාදිය යුතු ඖෂධ වර්‍ග කිහිපයක් රෝහල් ඔසුසලෙන් ලබා ගැනීමට නොහැකි වීම නිසා ඒවා පිටතින් මිලදී ගැනීමට සිදුවීම මෙම තත්ත්වයට හේතු වී තිබේ. රෝගීන් පෙන්වා දෙන්නේ මෙලෙස හිඟව පවතින ඇතැම් ඖෂධ වර්‍ගවල මිල රුපියල් තිස්දහස, අසූදහස සහ ලක්ෂය වැනි ඉහළ අගයන් ගන්නා බවයි. පවතින ආර්‍ථික දුෂ්කරතා හමුවේ එවැනි විශාල මුදලක් වැය කර ඖෂධ මිලදී ගැනීමට තමන්ට වත්කමක් නොමැති බව රෝගීහු මැසිවිලි නගති. තත්ත්වය තවත් බරපතළ කරමින්, ඇතැම් පිළිකා නාශක ඖෂධ වර්‍ග මුදල් ගෙවා ලබා ගැනීමට පවා පෞද්ගලික ඔසුසල්වල නොමැති බව ද රෝගීහු පවසති. මේ හේතුවෙන් නියමිත පරිදි ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීමෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. මේ පිළිබඳව කළ විමසීමකදී මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, යම් කාලයක සිට රෝහලේ ඖෂධ හිඟයක් පවතින බවයි. වරින් වර හිඟ වන ඖෂධ වර්‍ග වෙනස් වන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. Severe Drug Shortage at Maharagama Cancer Hospital Puts Patients in Jeopardy Patients and their families are facing significant distress due to an ongoing severe shortage of essential medications at the Maharagama Cancer Hospital, a situation that has persisted for several months. The inability to provide various medications for free has forced patients to purchase them externally, exacerbating their hardships. With the rising costs, some medications have prices soaring to amounts as high as 30,000, 50,000, and even 100,000 Sri Lankan Rupees. Many patients lament their inability to afford such exorbitant expenses amid the prevailing economic difficulties. The situation is further aggravated by reports from patients that certain chemotherapy drugs are entirely unavailable even at private pharmacies, where they would typically be purchased with cash. This lack of access to necessary treatment options puts patients’ lives at risk, highlighting an alarming gap in the healthcare system that demands urgent attention. A spokesperson from the Maharagama Cancer Hospital acknowledged the existing drug shortage, noting that the specific types of medications in short supply vary from time to time. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
Google AdSense
In-Article Ad

