
විනිසුරු විශ්‍රාම වයස 90 කළොත් මම යළිත් නඩු අහන්න සූදානම්..- විග්නේෂ්වරන්
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධයෙන් විපක්ෂය දක්වන විරෝධය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, විනිසුරුවරුන්ට සිය ධුර කාලය පිළිබඳ ස්ථාවරත්වයක් පවතින බැවින් ඔවුන් රජයට වාසිදායක ලෙස තීන්දු ලබා දෙනු ඇතැයි සිතීම වැරදි බවයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ස්වාධීන පිරිසක් බවත්, ඔවුන්ව හිතාමතා ධුරවලින් ඉවත් කළ නොහැකි බවත් ඔහු පෙන්වා දුන්නේය. "විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමෙන් ඔවුන් ලබා ඇති අත්දැකීම් රටේ නීති පද්ධතියට තවදුරටත් ලබාගත හැකියි. එය ඉතා හොඳ තීරණයක්. මෙය අගවිනිසුරුවරයාට පමණක් සීමා නොවී සියලුම විනිසුරුවරුන්ට පොදුවේ බලපාන්නේ නම් එය වඩාත් යෝග්‍යයි," යනුවෙන් ද විග්නේෂ්වරන් මහතා මෙහිදී ප්‍රකාශ කළේය. තවද, නීතියේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් අතර පවතින වෙනස්කම් පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් දැක්වූ අතර, ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. රජය ගෙන ඇති මෙම තීරණය ආපසු හැරවිය නොහැකි බවත්, එය ක්‍රියාත්මක කිරීම රටේ නීතියේ උන්නතියට හේතු වන බවත් හිටපු මහ ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Google AdSense
In-Article Ad

