
අයිස් – හෙරොයින් සමඟ ශ්‍රීලනිප මැදිරිගිරිය බලමණ්ඩල සභාපති බිරිඳ සමග අත්අඩංගුවට
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව, මැදිරිගිරිය ආසන බලමණ්ඩලයේ සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිඟුරක්ගොඩ පොලිසිය පැවසුවේ අවුරුදු 44ක් සහ 34ක් වන මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු සහ සැකකාරිය යතුරුපැදියකින් ගමන් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ‘ලොකේෂන්’ තැබීමට යාමේදී අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 12ක් සොයාගෙන තිබෙනවා . සැකකරුවන් දෙදෙනා හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. සැකකාර සභාපතිවරයා රැඳවුම් නියෝග මත තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ. .
Google AdSense
In-Article Ad

