FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ නඩුවේදී සාක්ෂිකරු චූදිතයින් හඳුනාගනියි!

FM Heart · 1 min read

Google AdSense

After Featured Image

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ රඳවාගෙන සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් ‘මුරලි’ විසින් එම කඳවුරේ සිටි හමුදා නිලධාරීන් හතර දෙනෙකු විවෘත අධිකරණයේදී හඳුනා ගත්තේය. සාක්ෂිකාර සුමතිපාල සුරේෂ් කුමාර් 2009 වසරේ සිට 2013 දක්වා කාලය තුළ ගිරිතලේ යුද හමුදා බුද්ධි බලකා කඳවුරේ රඳවා සිටි බවට ඔහු සාක්ෂි ලබා දුන් අතර, එසේ රඳවා තබාගෙන සිටියදී පළමු චුදිතගේ සිට සිවුවැනි චුදිත දක්වා වූ පිරිස සහ තවත් අය එම කඳවුරේ සිටි බව ද පසුගියදා ඔහු සඳහන් කළේය. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැරගෙන යාම සම්බන්ධයෙන් චුදිතයන් හත් දෙනකුට එරෙහිව නීතිපතිවරයා හෝමාගම මහාධිකරණයේ අධිචෝ­දනා ගොනු කර තිබේ. එක්නැ­ලි­ගොඩ 2009 අගෝස්තු 27 වැනිදා පැහැ­ර­ගෙන ගොස් අත­ර­මග දමා ගොස් තිබුණු අතර, ඉන්පසු 2010 ජන­වාරි 24 වැනිදා පැහැ­ර­ගෙන ගොස් අතු­රු­දන් කර තිබිණි. 2010 ජන­වාරි 24 වැනිදා එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගෙන ගොස් අතු­රු­ද­න්කි­රීම ගැන කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යක නඩුව විභා­ගය සිදු වෙයි. තමන් ගිරි­තලේ කඳ­වුරේ රඳවා තබා­ගෙන සිටි­යදී හමුදා නිල­ධා­රීන් දුර­ක­ත­න­යක් ලබාදී ඔවුන් ලබා­දෙන අංක­ව­ලට ඇම­තුම් ගැනී­මට උප­දෙස් දෙන බවත්, එම ඇම­තුම් ගත් අය අතර විදෙස් රට­වල සිටින අය ද සිටින බවයි.

Google AdSense

In-Article Ad