FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

වැස්ස නිසා ශිෂ්‍යත්ව, උසස් පෙල විභාග කල් යයි..?

FM Heart · 3 min read

Google AdSense

After Featured Image

දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, 2026 අපොස උසස් පෙළ විභාගය ආරම්භ කරන දිනය සතියකින් පමණ කල් දැමීමක් සම්බන්ධයෙන් සලකා බැලෙනු ඇතැයි ආරංචි මාර්ග පවසයි. 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදාත්, අපොස උසස් පෙළ විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 05 දක්වාත් දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සැලසුම් කර ඇත. කෙසේ වෙතත්, පවතින වර්ෂා සහිත කාලගුණය විභාග කටයුතුවලට බාධාවක් වුවහොත් එය සතියකින් පමණ ප්‍රමාද කිරීමට අවධානය යොමුව ඇතත් ‍මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා පවත්වයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අගෝස්තු 06 වැනිදා සිට 08 වැනිදා දක්වා කාලය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි. එහෙත් උසස් පෙළ විභාගය ආරම්භ වන්නේ 10 වැනිදායින් පසුව බැවින්, විභාගය ආරම්භ වන විට කාලගුණික බලපෑම බොහෝ දුරට අඩුවනු ඇතැයි විශ්වාසය පළ කළේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, යම් හෙයකින් ආපදා තත්ත්වයක් මතු වුවහොත් සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත යාම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි. ඒ අනුව බෝට්ටු ඇතුළු විකල්ප ප්‍රවාහන ක්‍රමවේද භාවිත කරමින් සිසුන් කල්වේලා ඇතිව මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට විභාග දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒකාබද්ධ සැලසුමක් ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කළේය. Possible Delay in 2026 A/L Examinations Due to Adverse Weather Conditions In light of the ongoing severe weather conditions across the country, authorities are considering a potential one-week postponement of the Advanced Level (A/L) examinations scheduled for 2026, according to sources. The G.C.E. Advanced Level examinations are set to commence on August 10, with the student admissions test taking place on August 9. The exams will be conducted at 2,532 centres nationwide, running from August 10 through September 5. While there are discussions regarding the delay should the current rainy conditions affect the logistics of the examinations, officials are in ongoing consultations with meteorological experts to arrive at a final decision. The Department of Meteorology has indicated an expected increase in rainfall from August 6 to 8. However, with the examinations starting on the 10th, there is optimism that the impact of adverse weather will substantially diminish by that time. The Disaster Management Centre has announced that in the event of any emergency, special measures will be implemented to ensure students can travel safely to examination centres. Plans are reportedly in place to utilize alternative transportation methods, including boats, to facilitate students' timely arrival at their respective centres, with the Examination Department collaborating on a cohesive strategy for this purpose. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad