
වැස්ස හය දෙනෙක් බිලි ගනිති
FM Heart · 1 min read
Google AdSense
After Featured Image
සබරගමුව පළාතට සහ දිස්ත්‍රික්ක කීපයකට බලපා ඇති තද වර්ෂාව හේතුවෙන් සිදු වූ නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් පුද්ගලයන් හය දෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි. පොල්පිටිය මොරහේනේගම ප්‍රදේශයේ පිහිටි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවන් තිදෙනකු ඇතුළු පුද්ගලයෝ සිව්දෙනෙක් මිය ගියහ. නාවලපිටිය සෝලංකන්ද ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් මතට හදිසියේ පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවු අනතුරකින් 67 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි. නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල මාර්ග රැසකට පස් කඳු කඩාවැටීම නිසා ගමනා ගමනයට බාධා එල්ල වී ඇත. නාවලපිටියේ ගම්මාන රැසක් තවමත් ජලයයෙන් යටවී ඇත (ගයාන් සූරියආරච්චි සහ රංජිත් රාජපක්ෂ)
Google AdSense
In-Article Ad

