FM Heart — යෞවනයේ හද ගැහෙන රිද්මය

ඩොලර් බිලියන 36ක් ගේන්න වැඩපිලිවෙලක් තියෙනවා..

FM Heart · 4 min read

Google AdSense

After Featured Image

රජයේ ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයට සහාය දැක්වීම පිණිස ශ්‍රී ලංකාවේ වෙළෙඳ, ආයෝජන, සංචාරක සහ නිපුණ රැකියා අවස්ථා තවදුරටත් ශක්තිමත් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩසටහන් සමාලෝචනය කිරීමටත්, උපායමාර්ගික ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කිරීමටත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල සේවය කරන වාණිජ දෙපාර්තමේන්තුවේ වාණිජ නිලධාරීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ (virtual) හමුවක් පවත්වන ලදී. වාණිජමය වශයෙන් වැදගත් වෙළඳපොළවල් විසිතුනක (23) ස්ථාපිත ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වෙළඳ සහ පුළුල් ආර්ථික අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ඔවුන්ගේ කාර්යභාරය අතිශය වැදගත් බවයි. වෙළඳපොළ සංවර්ධනය, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන පහසුකම් සැලසීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීම හරහා මැනිය හැකි ප්‍රතිඵල ලබා දීමේ වැදගත්කම ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. තවද, 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 36 ඉක්මවා යාම ඇතුළු ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ (NEDP) ඉලක්කයන් සමඟ තම කටයුතු අනුගත කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 (Sri Lanka Expo 2027) ප්‍රදර්ශනය සඳහා වැඩි ජාත්‍යන්තර සහභාගීත්වයක් ලබා ගැනීම, ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම, විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම, ශ්‍රී ලංකාව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සහ නිපුණ විදේශ රැකියා අවස්ථා හඳුනා ගැනීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම සාකච්ඡාව සඳහා වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (වෙළඳ සහ පර්යේෂණ) ගිල්මා දහනායක මහත්මිය, වැඩබලන වාණිජ අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ සහ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විදේශ දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. මෙහිදී එක් එක් වාණිජ නිලධාරීන් විසින් තමන් අනුයුක්තව සේවය කරන රටවල වෙළඳාම, ආයෝජන, සංචාරක සහ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා මෙතෙක් සිදු කරන ලද කාර්යයන් සහ වසරේ ඉතිරි කාලය සඳහා සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. Minister Emphasizes International Trade Importance in Virtual Meeting with Commercial Diplomats In a bid to bolster support for Sri Lanka's economic development, Minister of Trade, Commerce, Food Security, and Development of Cooperative Enterprises, Wasantha Samarasinghe, conducted a virtual meeting to review ongoing initiatives aimed at enhancing trade, investment, tourism, and skilled employment opportunities within the country. The session brought together commercial officers from Sri Lankan diplomatic missions overseas. Addressing 23 key commercial diplomats, the minister underscored the critical role these representatives play in advancing Sri Lanka's economic needs and trade within the international marketplace. He pointed out that the effectiveness of their efforts in developing markets, promoting exports, facilitating investment opportunities, and strengthening international business connections is essential. Furthermore, he urged participants to align their strategies with the National Export Development Plan (NEDP), which aims to exceed an export income of US $36 billion by 2030. The minister highlighted the importance of achieving measurable results in export growth and economic performance. During the discussion, Minister Samarasinghe also stressed the need for increased international participation in the Sri Lanka Expo 2027, expanding market access for goods and services, attracting foreign direct investment (FDI), promoting Sri Lanka as a premier tourism destination, and identifying opportunities for skilled employment abroad. The session included participation from senior officials of the Ministry, including Additional Secretary for Trade and Research, Gilma Dahanayake, and working Director General Somasekera Madivalewe, along with other key officials from the Ministry and commercial diplomats. Each diplomat shared insights about their respective regions, detailing current initiatives and plans for the remaining year aimed at promoting trade, investment, tourism, and employment opportunities for Sri Lanka. *Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Google AdSense

In-Article Ad